මළ පැනලද චාමර ! : දන ගැස්සුවා මදිවාට මිලියන 500 කුත් ඉල්ලලා

මළ පැනලද චාමර ! : දන ගැස්සුවා මදිවාට මිලියන 500 කුත් ඉල්ලලා

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක තම කීර්ති නාමයට හානි වූ බව පවසමින් බදුල්ල පාසලක දණගැස්වීමේ සිදුවීමට සම්බන්ධ විදුහල්පතිනියගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තර වාසි යොමුකර ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වන අතර එහි වැඩිදුරටත් දැක්වෙන්නේ අදාළසිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පවත්වන විමර්ශන පවත්වන අතරතුර මෙලෙස එන්තරවාසි යොමු කිරීම සාක්ෂිකාරියට කරන ලද බලපෑමක් බවය.

මානව හිමිකම් කොමිසම වෙත ලිපියක්

මේ පිළිබඳව සඳහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් යොමු කර ඇති අතර එහි මෙසේ සඳහන්ව ඇත.

"ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ ආර්. භවානි මහත්මිය දණගැස්වූ බවට අප විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ විමර්ශන කටයුතු පසුගියදා ඇරඹීය.

උක්ත සිදුවීම සම්බන්ධයෙන් ඔබ විසින් විමර්ශනය කරමින් පවතින අතර තුර ඌව ප්‍රධාන අමාත්‍යවරයා විසින් අදාල විදුහල්පතිනි ආර්. භවානි වෙත බලපෑම් කරමින් සිටියි. එම බලපෑම්වල එක් පියවරක් ලෙස පසුගිය 2018 පෙබරවාරි 17 වනදා නීතිඥවරයෙකු මඟින් ආර්. භවානි මහත්මිය වෙත එන්තරවාසියක් යවා ඇති ප්‍රධාන අමාත්‍යවරයා අදාළ සිදුවීමෙන් තම කීර්ති නාමයට සිදුවූ හානියට වන්දි වශයෙන් රුපියල් මිලියන 500 ක් මුදලක් ඉල්ලා සිටියි.

මෙම එන්තරවාසිය භවානි මහත්මිය වෙත බලපෑම් කිරීමේ අරමුණින් යොමුකරන ලද්දක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අදහසයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ විභාග වෙමින් පවතින කරුණක සාක්ෂිකරුවන් වෙත බලපෑම් කිරීම නිත්‍යානුකූල නොවන බව අපගේ හැඟීමයි"

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න