ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අමු අමුවේ මැතිවරණ නීති කඩයි !

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අමු අමුවේ මැතිවරණ නීති කඩයි !

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය මඟින් මැතිවරණ නීති කඩකරමින් කටයුතු කරන බව කැෆේ සංවිධානය  මැතිවරණ කොමිසම වෙත දන්වයි. 

කැෆේ සංවිධානය මේ බව සඳහන් නිවේදනයක් නිකුත්කර ඇති අතර ඊයේ  (03) මැතිවරණයේ නිහඩ  කාලසීමාව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බේරුවල ආසන සංවිධායක මර්ජාන් ෆලීල් විසින් පොදුජන එක්සත් පෙරමුණ  යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කරන හිටපු  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ට ඡන්දය දෙන ලෙස සෘජුවම ප්‍රකාශ  කර  ඇති බවත් එහි සඳහන් කර ඇත.

 අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

මෙය මැතිවරණයේ නිහඩ කාලසීමාව උල්ලංඝනය කිරීමක් වන අතර රාජ්‍ය දේපළ අවභාවිත කිරීමක් ද වෙයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මෙලෙස පක්ෂග්‍රාහිව කටයුතු කිරීම පිළිබදව මීට පෙරද අවස්ථා රැසකදී කැෆේ සංවිධානය  වෙත තොරතුරු වාර්තා වූ අතර ඒ සියලු අවස්ථා වලට අදාලව පැමිණිලි ඉදිරිපත් කර ඇති බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

මැතිවරණයේ නිහඩ කාලසීමාව ඊයේ රාත්‍රියේ ප්‍රකාශයට පත් කෙරුනු අතර එම නිහඩ කාල සීමාව තුළදී ද අපේක්ෂකත්ව ප්‍රවර්ධනයේ නිරත වන පක්ෂ හා කණ්ඩායම් පිළිබඳව ද කැ‌ෆේ සංවිධානය වෙත පැමිණිලි ලැබී තිබේ. ඒ අතර ආගමික ස්ථාන කර යන අතර තුර අපේක්ෂකත්ව ප්‍රවර්ධනයන් සිදුකිරීම සහ හාල්,  ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රවය බෙදා දීම යනාදිය ද වෙයි. මැතිවරණය  සාමකාමීව පවත්වාගෙන යාම සඳහා දේශපාලන පක්ෂ, ආධාරකරුවන් සහ සාමාන්‍ය මහජනතාව වෙත විශාල වගකීමක් පැවරෙන බව කැෆේ සංවිධානයේ  අදහසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න