කැබිනට් සංශෝධනය ඉරිදා

කැබිනට් සංශෝධනය ඉරිදා

කැබිනට් සංශෝධනය එළඹෙන ඉරිදා පෙරවරුවේ සිදුකරන බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ඊට අනුව ඊයේ (22) සන්ධ්‍යාව වන විට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන්ගේ නම් ලැයිස්තුව ජනාධිපතිවරයා වෙත ලැබී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යමණ්ඩල සාමාජිකයින්ගේ නම් ලැයිස්තුවද මේ වන විට සකසා අවසන්ව ඇත.

එසේම දුෂණ සහ විවිධ අක්‍රමිකතා සම්බන්ධව චෝදනා ලැබූ අමාත්‍යවරුන්ට නැවත එම අමාත්‍ය විෂයයන් ලබානොදීමට සහ අමාත්‍ය විෂයයන් තුළ සාර්ථකවීමට නොහැකිවූ අමාත්‍යවරුන්ගේ විෂය වෙනස් කිරීමට ගෙන තිබූ තීන්දුව සම්බන්ධව එජාප - ශ්‍රීලනිප නායකත්වයේ පොදු එකඟතාව පළවී ඇති බැවින් එම තීරණ වෙනසකින් තොරව මෙම අමාත්‍යමණ්ඩල සංශෝධනයේදී ක්‍රියාවට නැගෙන බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න