ජනපති, ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමේ තීරණය අත්හිටුවලා !

ජනපති, ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමේ තීරණය අත්හිටුවලා !

පවතින තත්ත්වය යටතේ ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වුවහොත් කැබිනට් මණ්ඩලය සහ අගමැතිධුරය සම්බන්ධයෙන් ඇතිවන තත්ත්වය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන තිබූ තීරණය අත්හිටුවීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය එක්ව ජාතික ආණ්ඩුව ඉදිරියටත් ගෙනයාමට තීරණය කිරීම මෙයට හේතුවී ඇති බවද වාර්තාවේ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන ලෙසත්, නව අගමැතිවරයෙකු පත්කරන ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ජනාධිපතිවරයාගෙන් පසුගියදා ඉල්ලා තිබිණි.

මෙම තීරණය අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇත්තේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයන්ගේ උපදෙස් අනුව බවද වාර්තාවේ.

19 වැනි සංශෝධනයේ ඉහත විධිවිධාන අනුවවුවද ජනාධිපතිවරයාට අගමැතිවරයා ඉවත්කළ හැකිය යන්න ඇතැම් නීති ප්‍රවීණයෝඅර්ථකථනය කළහ.

මේ හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේමතය විමසීමට මීට පෙර තීරණය වී තිබිණි.

නමුත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයන්ගේ මතය අනුව ඉහත තීරණය අත්හිටුවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තාවේ.

මේසම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ මෙතෙක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එවැනි මත විමසීමක් සිදුකර නොමැති බවයි.

කෙසේවුවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එනතෙක් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරන කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට තීරණය කර සිටි ශ්‍රීලනිප ඇමතිවරුන් මෙයින් බලවත්සේ අපහසුතාවයට ලක්ව ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් 'නිව්ස් ටියුබ්' කල විමසීමකදී එසේ කැබිනට් වර්ජනය කල ඇමතිවරයකු පැවසුයේ ඉදිරියේදී ද ජනාධිපතිවරයා කියන ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට සුදානම් බවයි. ඒ අනුව යලි ඇමති ධුරයක් බර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම් දුනහොත් එය බාර ගැනීමට සුදානම් බවද ඔහු කීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න