දෙපැත්තේම "ෆයිල්" ජනාධිපති අතට ගනියි

දෙපැත්තේම "ෆයිල්" ජනාධිපති අතට ගනියි

කැබිනට් සංශෝධනයට සමගාමීව යහපාලන සම්මුති ආණ්ඩුවේ මෙතෙක් කටයුතු කළ කැබිනට් අමාත්‍යවරුන් වෙත එල්ලවී තිබෙන දුෂණ සහ මුල්‍ය අක්‍රමිකතා පිළිබඳ ලිපිගොනු කැඳවන්නට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

newstube.lk වෙත අනාවරණය වන ආකාරයට එජාප අමාත්‍යවරුන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නිදහස් සන්ධානය නියෝජනය කරන අමාත්‍යවරුන් වෙත එල්ලවූ විවිධ චෝදනාවන්ට අදාළ ලිපිගොනු ජනාධිපතිවරයා මෙසේ කැඳවා ඇත.

එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ කිසියම්හෝ චෝදනාවක් එල්ලවීම සම්බන්ධව අදාළ අමාත්‍යවරුන් වගකිව යුතු බවට සැකයක් ඇති අමාත්‍යවරුන්ට යළිත් එම විෂය ලබානොදීමට ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක සිටින බවය.

එසේම එම තීරණය තහවුරු කර ගැනීම වෙනුවෙන් පසුගිය දින කිහිපය තුළ ජනාධිපතිවරයා එම ලිපි ගොනු විශේෂ නිලධාරී කණ්ඩායමක් යොදවා විමර්ශනය කරවූ බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න