ලලිත් කොතලාවල EPF ඉල්ලයි !

ලලිත් කොතලාවල EPF ඉල්ලයි !

සෙලාන් බැංකුවේ හිටපු සභාපති ලලිත් කොතලාවල මහතා විසින් තමාට සෙලාන් බැංකුවේ සේවකයෙකු ලෙස ලැබිය යුතු සේවක අර්ථසාධක මුදල් බැංකුව විසින් තමාට ගෙවා නොමැති බව පවසමින් සෙලාන් බැංකුවට විරුද්ධව කම්කරු දෙපාර්තමේන්තුවේ නඩු පවරා ඇත.

බැංකුව විසින් ගෙවිය යුතුයැයි සඳහන් වන මුදල රුපියල් මිලිනය 51 ක් බව වාර්තා වේ.

මේ පිළිබඳව පරික්ෂණයක් කම්කරු දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වන අතරතුර එහි ඉහළ නිලධාරියකු බැංකුව වෙත නිල නොවන අයුරින් නියෝග කර ඇත්තේ අදාල රුපියල් මිලියන 51 ක මුදල ගෙවා දමන ලෙසටයි.

කෙසේ වෙතත් බැංකුවට නිල වශයෙන් දැනුම්දීමක් ලැබී නොමැති බැවින් ඔවුන් මේ වන විට ගෙවීම් සිදුකර නොමැති අතර නීතිපතිවරයාගෙන් මේ පිළිබඳව විමසීමක් සිදුකර ඇත.

මේ පිළිබඳව අප ලලිත් කොතලාවල මහතාගේ පෞද්ගලික ලේකම් ලලිත් අමරසිංහ මහතාගෙන් සිදුකළ විමසීමකදී ප්‍රකාශ කළේ තම පාර්ශ්වය විසින් කම්කරු දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ල පිළිබඳව කිසිදු විසඳුමක් මේ වන තෙක් ලැබී නොමැති බවයි.

මේ පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස් ඩී.පී.කේ.ආර්. වීරකොන් මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ තමන් එවැනි පැමිණිල්ලක් පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ සේවකයන් පිරිසක් ප්‍රකාශ කළේ සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය බැංකුවේ සේවකයන් ලෙස පිළිගත නොහැකි බවත් රටේ අනෙකුත් බැංකුවල සභාපතිවරුන්ගේ හා අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ගේ තත්වයද එයම බවත්ය.

(රාවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න