Language Switcher

V2025

CID ය රනිල්ගේ නිවසේ !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද (03)  මේ වන විට හිටපු අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ගේ නිවසට ගොස් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගනිමින් සිටින බව වාර්තා වෙයි.

 පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සෙනාරත්න පවසන ආකාරයට මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව අදාළ ප්‍රකාශය ගනිමින් සිටී.
 
මීට පෙර මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ ජනාධිපති කොමිසම හමුවේ ද  හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දීර්ඝ සාක්ෂියක් ලබාදුන් අතර ඒ ඔහු අගමැති ලෙස සිටියදී කොමිසම වෙත පැමිණෙමින්‍ ය.
 
එහෙත් එකීීී වාර්තාව කිසිම ලෙසකට අග්‍රාමාත්‍යවරයා ට චෝදනා නගා තිබුණේ නැත.