ජනාධිපතිගේ මතට එරෙහි සටන - හෙට සිට ගමට

ජනාධිපතිගේ මතට එරෙහි සටන - හෙට සිට ගමට

ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධන බලකාය මගින් ‘ගම හදාගමු’ මැයෙන් වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (23) දින ඇඹිලිපිටියේ මහවැලි ක්‍රීඩාංගනයේ උදෑසන පෙ.ව 10.00 පැවැත්වීමට නියමිතයි.

මෙම වැඩසටහන ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල මත්ද්‍රව්‍ය සඳහා යොමුවී සිටින තරුණ පිරිස ඉන් මුදවා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන්නකි.

ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂක වෛද්‍ය සමන්ත කිතලවආරච්චි Newstube.lk වෙත මෙසේ අදහස් දැක්වීය.

“ ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධන බලකාය මගින් ග්‍රාමීය වැඩසටහන් ආරම්භ කරන්න කටයුතු සංවිධාය කරල තියෙනවා. 'ගම හදාගමු' කියන තේමාව යටතේ තමයි මේක අපි ආරම්භ කරන්නේ. දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය මට්ටමෙන් අපි මේ වෙනකොට විශාල වැඩකොටසක් කරල තියෙනවා. හෙට ආරම්භ කරන්න යන වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේක ගමට ගෙනිහිල්ලා ග්‍රාමීය මට්ටමෙන් සමාජගත කරන්න. මේක ඉතාම අමාරු කාර්යයක්. මොකද මේ වෙනකොට ලංකාවේ විශාල තරුණ පිරිසක් මත්‍ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉවරයි. ඒ වගේම පාසැල් ළමයි මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වෙමින් පවතිනවා. පාසැල් මට්ටමෙන් ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වමින් ඔවුන්ට සමීපව ඉතාම මානුෂීය මට්ටමේ වැඩසටහන් ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න