2011 වසරේ පැවති ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසාන මහා තරගය මුදලට පවා දුන් බවට හිටපු ක්රීඩා අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ කළ චෝදනාව සම්බන්ධයෙන් සාක්ෂි ලබාගැනීමට 2011 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගි වූ ශ්රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාරව කැඳවා ඇති බව වාර්තා වෙයි.
ඒ ක්රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට වන අතර හෙට (02) පෙරවරු 9.00ට අදාළ කැඳවීම සිදුකර ඇති බවත් වාර්තා වේ.
එම ඒකකයේ ප්රධානී ජ්යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මාධ්ය වෙත ප්රකාශයක් කරමින් මේ බව සනාතර කර ඇත.
එම තරගාවලියේදී ශ්රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවකු වූ උපුල් තරංගගෙන් ක්රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද (01) පෙරවරුවේ පැය තුනක් ප්රකාශ ලබාගෙන ඇති අතර ඊයේ (30) තේරීම් කමිටු සභාපති වූ හිටපු ටෙස්ට් ක්රිකට් ක්රීඩක අරවින්ද ද සිල්වා කැඳවා තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
