කන්න සල්ලි කෝ ? අල පරිප්පු සීනි අලෙවියත් පහතට !

කන්න සල්ලි කෝ ? අල පරිප්පු සීනි අලෙවියත් පහතට !

ඇඳිරි නීතිය ලිහිල් කර ජන ජීවිතය යථා තත්ත්වයට පත්ව ඇතත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිය සීග්‍රයෙන් පහත බැස ඇති බව හතරවැනි හරස් වීදීයේ තොග ව්‍යාපාරිකයෝ පවසති.

මීට පෙර සාමාන්‍ය දිනවල අත්‍යවශ්‍ය ආහාර තොග අලෙවි වූ ප්‍රමාණයෙන් අඩක්වත් මේ දිනවල අලෙවි නොවන බවද ඔවුහු පැවසූහ.

දෛනිකව අඩි 40 අල කන්ටේනර් එකසිය විස්සක් පමණ අලෙවි වී ඇතත් මේ දිනවල එම ප්‍රමාණය පනහ දක්වා අඩුවී ඇත.

වෙනත් දිනවල බී ලූනු කන්ටේනර් හාරසීයක් පමණ අලෙවි වුවත් මේ දිනවල දෙසීයකට අඩු ප්‍රමාණයක් අලෙවි වේ. ඊට සාපේක්ෂව සුදු ලූනු, පරිප්පු සහ සීනි ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවියද පහත වැටී තිබේ.

චමින්ද සේනාරත්න

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න