දුෂණ චෝදනා එල්ලවූ ඇමතිවරුන්ට අයෙත් ඒ අමාත්‍යාශ නැහැ !

දුෂණ චෝදනා එල්ලවූ ඇමතිවරුන්ට අයෙත් ඒ අමාත්‍යාශ නැහැ !

යහපාලන ආණ්‌ඩුවේ දෙවැනි අමාත්‍ය මණ්‌ඩල සංශෝධනය බොහෝදුරට අද (21) හෝ හෙට (22) සිදු කිරීමට නියමිත අතර එහිදී අදාල අමාත්‍යංශයේ කටයුතුවලදී වංචා දුෂණ චෝදනා එල්ලවී ඇති කිසිඳු ඇමතිවරයකුට යලි එම අමාත්‍යංශය බාර නොදීමට ජනාධිපතිවරයා දැඩි තීරණයක් ගෙන ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

ඒ හේතුවෙන් අද සිදුකිරීමට නියමිතව තිබු කැබිනට් සංශෝධනය බොහෝදුරට කල්යාමේ ඉඩක් ඇතැයි ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු 'නිව්ස් ටියුබ්' කල විමසිමක දී පැවසිය.

තම අමාත්‍ය ධුරය සංශෝධනය කිරීමට යෝජනා වී ඇති බව දැනගත් ඇමතිවරුන් කිහිප දෙනෙකු එල්ල කල විරෝධතා හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සංශෝධිත අමාත්‍ය මණ්ඩල යෝජනා ඊයේ (20) රාත්‍රී වන තෙක් ජනාධිපතිවරයාට ලැබී නැතැයි ද එම ප්‍රකාශකයා කියා සිටියේය.

අකාර්යක්ෂම අයටත් 'සොරි' තමයි :

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය මත මෙම කැබිනට්‌ සංශෝධනය සිදු කෙරෙන අතර එහිදී පසුගිය වසරවලදී සිය අමාත්‍යංශය තුල නිසි කාර්යක්ෂමතාවයක් හා ප්‍රගතියක් නොපෙන්වූ අමාත්‍යවරුන්ට ද යලි එම අමාත්‍යංශය ලබා නොදීමට ඔවුන් දෙදෙනා එකඟත්වයක් ඇතිකර ගෙන තිබේ.

ජාතික ආණ්‌ඩුවේ එක්‌සත් ජාතික පක්‍ෂයට හිමි ඇමැති ධුර එම පක්‍ෂය තුළමත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට හිමි ඇමැති ධුර එම පක්‍ෂය තුළමත් හුවමාරු වීමක්‌ මෙහිදී සිදු කෙරෙන බවද ප්‍රධාන පක්‍ෂ දෙක අතර ඇති අවබෝධතා ගිවිසුම අනුව කැබිනට්‌ සංශෝධනය සිදු කෙරෙන බවද ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

තරුණ මන්ත්‍රීන්ට ප්‍රබල ඇමැතිකම් :

අද හෝ හෙට සිදුවන කැබිනට්‌ සංශෝධනයේදී තරුණ මන්ත්‍රීවරුන්ට ප්‍රබල ඇමැතිකම් ලැබීමට ඉඩ ඇති අතර ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ ඇමැති තනතුරු අහිමිවීමේ අවධානම සතුව ඇතැයි 'දිවයින' පුවත්පත වාර්තා කර තිබේ.

මෙම කැබිනට් සංශෝධනයේදී මුදල්, නීතිය හා සාමය, මහා මාර්ග, ධීවර හා ජලජ සම්පත්, ක්‍රීඩා, විද්‍යා හා තාක්‍ෂණ යන අමාත්‍යාංශවල වෙනස්‌වීම් සිදු කෙරෙන බව ද 'දිවයින' වාර්තා කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න