ආර්ථික හා කෘෂිකාර්මික විෂයයන් ජනපති යටතට !

ආර්ථික හා කෘෂිකාර්මික විෂයයන් ජනපති යටතට !

ඉදිරියේදී පැවැත්වීමට නියමිත කැබිනට් සංශෝධනයට අදාල ආයතන හා විෂයයන් ගැසට් කිරීමේදී ආර්ථික හා කෘෂිකාර්මික ක්ෂේත්‍රය යටතේ ගැනෙන විෂයයන් ගණනාවක් තම යටතේ තබා ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

එසේම ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ආයතන කිහිපයක්ද ජනාධිපතිවරයා යටතට පත්කර ගැනීමට යෝජනා වී ඇති ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

පළාත් පාලන මැතිවරණයේ පරාජයට මුලික හේතුව නිසි කළමනාකරණයක් නොමැති ආර්ථික වැඩපිළිවෙල හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පැවති දුර්වලතා බව ජනාධිපතිවරයාගේ නිගමනය වී ඇතැයි ද පැවසේ.


2424

ජනපති ගෙන් නව ආර්ථීක වැඩපිළිවෙලක් !

ෙඒ අනුව, රටට අවශ්‍ය කඩිනම් ආර්ථික කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙල ජාතික ආර්ථික සභාව හරහා ලබන සතියේදී රටට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

ජාතික ආර්ථික සභාව අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් එම අවස්ථාවට එක්ව ඇත.

ආර්ථික කළමනාකරණයේදී රටට අවශ්‍ය කඩිනම් වෙනස්කම් සහ එහිදී ගතයුතු තීන්දු තීරණ මෙන්ම ක්‍රියාත්මක කළයුතු කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන වැඩසටහන් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ බව එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා ජනපති විසින් පසුගිය වසරේදී ජාතික ආර්ථික සභාව පත්කරන ලද අතර එය මෙවර රැස්වූයේ 08 වන වරටය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න