ජනපති බලය පෙන්වයි : එජාපයේ කැබිනට් පත්‍රිකා 3ක් අත්හිටුවයි

ජනපති බලය පෙන්වයි : එජාපයේ කැබිනට් පත්‍රිකා 3ක් අත්හිටුවයි

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කැබිනට් ඇමැතිවරුන් තිදෙනකු ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකා තුනක්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අත්හිටුවා ඇත.

එයින් එක් කැබිනට් සන්දේශයක් ඉදිරිපත් කර තිබෙන්නේ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතායි. උසස් පෙළ සිසුන්ට හා උසස් පෙළ පන්ති ගුරුවරුන් සඳහා රුපියල් කෝටි 500ක් වැය කර ටැබ් පරිගණක ලබාදීමට ඇමැතිවරයා සිය කැබිනට් පත්‍රිකාවෙන් කර තිබූ යෝජනාව අත්හිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

මේ අතර මහනුවර අධිවේගී මාර්ගයේ ගලගෙදර සිට ඉදිවන මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ජපානයේ කොන්ත්‍රාත් සමාගමකට පැවැරීමට කර තිබූ යෝජනාවක්ද අත්හිටුවා ඇති ජනාධිපතිවරයා ඒ සම්බන්ධව වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි අදාළ ඇමැතිවරයාට නියම කර ඇත.

මීට අමතරව සිගරැට් දුම්කොළ වර්ගයක් තහනම් කිරීම සංචාරක ව්‍යාපාරයට තදින් බලපවත්වන්නක් බැවින් එම තහංචිය ලිහිල් කරන ලෙසට එජාප ඇමැතිවරයකු ඉදිරිපත් කළ යෝජනාවක්ද ජනාධිපතිවරයා විසින් අත්හිටුවූ බවද වාර්තා වේ.

ජාතික ආර්ථික කවුන්සිලය හරහා රටේ ආර්ථික කළමනාකරණය වඩා විධිමත් කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සaජුවම මැදිහත් විමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තින්දු කර තිබේ.

මේ අතර රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ ගැනීමට පිහිටුවා ගත් ආර්ථික කමිටුවේ සිය වැනි රැස්වීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (21දා) අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබියදී එය ඊයේ හදිසියේම කල්දමා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න