විදුහල්පතිනියගේ මරණයට අධ්‍යාපන අමාත්‍යංශය වගකිව යුතුයි - ජෝශප් ස්ටාලින්

විදුහල්පතිනියගේ මරණයට අධ්‍යාපන අමාත්‍යංශය වගකිව යුතුයි - ජෝශප් ස්ටාලින්

විදුහල්පතිවරුන්ට නායකත්ව පුහුණුව ලබාදීමේදී මිය ගිය හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනියගේ මරණයට අධ්‍යාපන අමාත්‍යාංශය වගකිව යුතු බව ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් මහතා පවසයි. එසේම එසේම නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා විදුහල්පති භූමිකාවට මෙවැනි අනතුරුදායක වික‍්‍රමාන්විත පුහුණු කිරීම්වල අවශ්‍යතාවය කුමක්ද යන්න ප්‍රශ්න කර සිටියි

එසේම විදුහල්පතිවරුන්ට ගැලපෙන හා අවශ්‍ය නායකත්ව පුහුණු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සතුව පුහුණු මධ්‍යස්ථාන හා සම්පත්දායකයන් සිටියදී රටේ අධ්‍යාපනයට වෙන් කරන ලද මුදල් වියදම් කර මෙවැනි පුහුණුවීම් පෞද්ගලික ආයතන මගින් ලබාදීම කුමන පදනමක් මත සිදු කළේද යන්නද බරපතල ගැටලූවක් බව ලංකා ගුරු සංගමය පවසයි. මෙය මෙම පෞද්ගලික ආයතන ප‍්‍රවර්ධනය කිරීමට විදුහල්පතිවරුන්ගේ ජීවිත අනතුරේ හෙලීමක් බව ඔවුන්ගේ අදහසයි.

 අධ්‍යාපන අමාත්‍යාංශයේ කැඳවීම මත පසුගිය 17 වන දින කුරුණෑගල වාරියපොළ වයඹ පුහුණු මධ්‍යස්ථානයේ නායකත්ව පුහුණු වැඩසහනට සහභාගි වී පුහුණුව අතරතුර කඹයක් කැඞී යාමෙන් බිමට වැටී හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මිය යෑම බරපතල කනගාටුදායක තත්වයක් බවයි. 2013 වසරේ රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු පාසලේ දී විදුහල්පතිවරුන්ට පුහුණුව ලබාදීමේදී රද්දොළුව ජාතික පාසලේ විදුහල්පති ඩබ්. වික‍්‍රමසිංහ මහතා මිය ගොස් තිබේ.

ශී‍්‍ර ලංකා බැහැරගත කි‍්‍රයාශීලී පුහුණු භාරයේ විධායක අධ්‍යක්ෂ චරිත රත්වත්තේ නමැත්තෙක් විසින් පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් මෙම විදුහල්පතිනියගේ මියයාම සම්බන්ධයෙන් කනගාටුව පළ කිරීම හරහා පැහැදිලි වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය මෙවැනි කටයුතු පෞද්ගලික ආයතන හරහා සිදුකර ඇති බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.

මෙම විදුහල්පතිනියගේ මියයාම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වගකීම භාරගත යුතු අතර, මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කර මියගිය විදුහල්පතිනියට යුක්තිය ඉටු කළ යුතු බවත්, මෙවැනි පුහුණුවකට විදුහල්පතිවරු කැඳවූයේ කුමන පදනමකින්ද යන්නත්, එම පුහුණුව අනාරක්ෂිතව පුහුණු කටයතු සිදුකරන පෞද්ගලික ආයනයකට ලබා දුන්නේ කුමන පදනමකින්ද යන්නත්, ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමක් කළේද යන්නත්, ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වැයකළ මුදල පිළිබඳවත් වහා විධිමත් පරීකෂණයක් කළ යුතු බව ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටී. එසේම මින් ඉදිරියට විදුහල්පතිවරුන්ගේ ජීවිත බිළිගන්නා මෙවැනි වික‍්‍රමාන්විත කි‍්‍රයාකාරකම් සහිත පුහුණුවීම් අධ්‍යාපන පද්ධතියට අවශ්‍යද යන්න පිළිබඳව ඇගයීමක් කළ යුතු බවත්, මෙම විදුහල්පතිනියගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කොට විධිමත් වන්දියක් ගෙවිය යුතු බවත් ලංකා ගුරු සංගමයේ අදහසයි.

මාධ්‍ය නිවේදනය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න