හෝමාගම තාක්ෂණ නගර ව්‍යාපෘතිය නිසා ඉඩම් කොල්ලයක් සහ පරිසර විනාශයක් සිදුවන බව හෝමාගම ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ රවීන්ද්‍ර මුදලිගේ මහතා පවසයි.
හෝමාගම තාක්ෂණ නගර ව්‍යාපෘතිය නිසා අැතිවන විනාශය වැලැක්වීමේ අරමුනින් 'හෝමාගම ජන අයිතීන් සුරැකීමේ සංවිධානය' විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් පසුගියදා (18) හෝමාගම නගරයේදී පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් රවීන්ද්‍ර මුදලිගේ මහතා පැවසුවේ මේ ගැන ප්‍රශ්න පිළිබඳ සාකච්චා කිරීමට ප්‍රදේශයේ පිරිසක් මෙගාපොලිස් අැමති චම්පික රණවක මහතා හමු වීමට ගිය අවස්ථාවේ ඔහු සාකච්ඡාවෙන් නැගිට ගිය බවයි.
කාටවත් පෙන්වන්න බැරි ගිවිසුමක්
බස්නාහිර සහ මහනගර සංවර්ධන අැමති පාඨලී චම්පික රණවක කියනවා කොරියාවේ ඉඩම්, ප්‍රවාහන සහ යටිතල පහසුකම් අමාත්‍යංශය එක්ක ගිවිසුමක් ගැහුවා කියලා. නමුත් ඒ එක තැනකවත් කොරියාව සමග අත්සන් කළ ගිවිසුම තිබුණේ නෑ. ඒ්ක කාටවත් පෙන්වන්න බැරි ගිවිසුමක් බව ඒකෙන්ම පෙනෙනවා.
තාක්ෂණ නගරයේ භෞතික සීමා
අමාත්‍යංශය විසින් නිකුත් කරලා තියෙන ව්‍යාපෘති වාර්තාව අනුව තාක්ෂණ නගරයේ කලාප 4ක් නම් කරනු ලැබ තිබෙනවා. මාලබේ, කඩුවල අධි තාක්ෂණ කලාපය, මීගොඩ ඉලෙක්ට්‍රොනික් කලාපය, මාහේන්වත්ත පර්යේෂණ සංවර්ධන සහ තෘතීය අධ්‍යාපන කලාපය සහ දියගම ප්‍රදේශය ක්‍රීඩා සහ විවේක කටයුතු කලාපය ලෙස නම් කරලා තියෙනවා. මේ කලාප හතර යා කරන්න අලුතින්ම පුළුල් මාර්ග සහ දුම්රිය මාර්ග පද්ධතියක් ඉදිකරන්න යෝජනා කරනවා. ඊළඟට මේ කියන දැවැන්ත තාක්ෂණ නගරයේ භෞතික සීමා ඒ් කියන්නෙ හතරමායිම් මොනවද කියලා අපි දැනගන්න ඕන. මේ ව්‍යාපෘති වාර්තාවෙ ඒ ගැන දක්වලා තියෙනවා. උතුරෙන් අඹතලේ කඩුවෙල රණාල පරණ පාර අාශ්‍රිතව නැගෙනහිරින් රණාල මීගොඩ හල්බරාව, දකුණින් තලගල, කිරිවත්තුඩුව, කහතුඩුව බටහිරින් මාලබේ අතුරුගිරිය තලාහේන, අඹතලේහ තරමායිම එන විදිය.
ඉඩම් පවරා ගැනීම
දැනටමත් අාරම්භ කර අැති නැනෝ තාක්ෂණ අායතනයේ අවශ්‍ය තරමට අාරක්ෂිත පියවර අරන් නැති බවට විවාද මතු වෙලා තියෙනවා. ව්‍යාපෘති සැලසුම් අනුව ඉඩම් අක්කර දහස් ගණනින් පවරා ගන්න සූදානම් වෙනවා. ඒ් ව්‍යාපෘති වාර්තාවෙ කියන විධියට මාහේන්වත්ත කලාපයෙ ග්‍රාම සේවා වසම් 9ක විතරක් ඉඩම් අක්කර 3970ක් පවරා ගන්න සැලසුම් සකස්කර තිබෙනවා. ඒ් ඉඩම්වල ජීවත්වන අය, ඒ් අයගෙ නිවාස, කරගෙන ගිය වගාව, ජීවනෝපාය හොයාගත්ත සිල්ලර කඩේ අැතුළු මේ භූමියට මොකද වෙන්නෙ? මුළු ව්‍යාපෘතිය සමස්තයක් විධියට ගත්තම ඉදිරි අදියරෙදි තවත් ඉඩම් අක්කර දහස් ගණන් තව තවත් පවරාගන්න නියමිතයි. පළවෙන් පියවරට ඉඩම් අක්කර 3970ක් වුණාට අනෙක් පියවර දෙක, තුන, හතර ඉදිරියට යද්දි ව්‍යාප්ත වෙනවා.
2016 ජූනි 30 වැනිදා ඉඩම් අැමති ජෝන් අමරතුංග විසින් ගහපු ගැසට් පත්‍රයක මේ ගැන තොරතුරු තිබෙනවා. 'රජයට ඉඩම් පවරා ගැනීම පිළිබඳ දැන්වීමයි' කියලා පළ කළ ඒ් ගැසට් නිවේදනය පදනම් කරගෙන හෝමාගම ප්‍රාදේශීය ලේකම් විසින් පළවෙනි අදියරට පවරාගන්න නම් කරපු ඉඩම් ලැයිස්තුව මෙතන තියෙනවා. මේකෙ තියෙනවා කැබලි අංක 246 ප්‍රමාණය රූඩ් ඒකයි පර්චස් 11යි කැබලි අංක 247 පර්චස් 13ක්. ලොකු ඉඩම් විතරක් නෙවෙයි ඒ් අවට තියෙන පොඩි ඉඩම් කෑලි පවා පවරාගන්නවා. හෝමාගම පොලිස් ස්ථානය ඉදිරිපිටින් ඉදිකරන්න නියමිත මාර්ගය සඳහා කඩා දැමිය යුතු නිවාස දැන්ම සලකුණු කරලා තියෙනවා.
මේ හදන්නේ මහල් නිවාසවලට කොටු කරන්න
පාදුක්ක ප්‍රාදේශීය ලේකම්වරයාට නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබා දීල තියෙන පවරාගැනීමේ ලියුම්වල විස්තර තියෙනවා. පවරා ගැනීමට අදාළ මූලික වැඩ පටන්ගන්න නියෝග කරලා තියෙනවා, රුපියල් 50000ක චෙක්පතකුත් දීලා තියෙනවා. මොනවද ඒ් පවරාගන්න නියමිත ඉඩම්. දඩුලන්දවත්ත, අක්කර 120ක් පවරාගන්නවා. අදාළ වත්ත පමණක් නෙවෙයි, අවට නිවාස සහ මුළු ප්‍රදේශයම තමයි පවරාගනු ලබන්නෙ. දඹුගොල්ලවත්ත අක්කර 34ක් කහඋලුහේනවත්ත අක්කර 42ක්. මේ ප්‍රදේශවල විශාල ජනතාවක් කෘෂිකාර්මික කටයුතුවලට සම්බන්ධයි. තිරස් අතට නිවාස තියෙන නිසා ඉඩම් නාස්තියක් වෙන බව කියලා මේ ව්‍යාපෘතියට අනුව සිරස් අතට මහා මහල් නිවාස හදලා ජනතාව ගාල් කරන්න හදන්නෙ. ගෙවත්තක් සහිත නිවාසවල ජීවත්වන ජනයාට මහල් නිවාසවල කොටුවෙලා ජීවත් වෙන්න කියලා කියන්නෙ. ඒ්ක තමයි මේ කියන මහා අාශ්චර්යමත් තාක්ෂණ නගර ව්‍යාපෘතිය."

