ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන වේග පන්දුයවන ෂෙහාන් මධුසංඛ හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාවට බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වෙයි.
ඒ ඔහුව පන්නල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.
මැයි 23 වැනිදා හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 700 ක් මෙම ක්‍රීඩකයා සන්තකයේ තිබූ බව චෝදනාව වෙයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි මස දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
සැකකාර ක්‍රීඩකයා 2018 වසරේදි බංග්ලාදේශයට එරෙහිව ජාත්‍යන්තර මංගල එක්දින වරම් හිමි කරගත් අතර ඔහු එම තරගයේදී කඩුළු ත්‍රිත්වයක්ද ලබාගනු ලැබීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
