සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වීමෙන් පසුව අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මැයි 27 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අද(13) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හුමුවේ ඉදිරිපත් වීමෙන් පසුව අත්අඩංගුවට ගන්නා ලද රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාව නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කරනු ලැබිණ.
ඉන් අනතුරුව සැකකාර හිටපු අමාත්‍යවරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හරිමින් ඉකුත් දෙසැම්බර් මස 30 වන දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් දුන් නියෝගය කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් අද පෙරවරුවේ අවලංගු කරන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
