අති විශිෂ්ඨයි "ස" : සැමන් පරිප්පු පාලන මිල ඉවතට - කිරි පිටි මිළ ඉහළට !
පරිප්පු සහ ටින් මාලු සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ උපරිම සිල්ලර මිල පාරිභෝගික අධිකාරිය මගින් ඉකුත් අප්‍රේල් 30 වැනිදා සිට ඉවත් කර තිබේ.
පරිප්පු කිලෝවක් සඳහා රුපියල් 65කද, ග්‍රෑම් 425ක මාලු ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 100ක් වශයෙන්ද ඉකුත් මාර්තු 17 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව අවලංගු විය.
පරිප්පු 1kg රුපියල් 65.00 ට සහ සැමන් ටින් එක රුපියල් 100 ට ලබාදීම ජනාධිපති ගේ ජාතිය ඇමතු පොරොන්දුවක් විය.
ආණ්ඩුවේ පාර්ශව මේ විග්‍රහ කෙරේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල සහනය ලබා දීමක් ලෙස ය. අවසානයේ මේ අවසන් වූයේ ජනතාව හරි හැටි ආදායම් මාර්ග නොමැතිව කොවිඩ් වසංගතයෙන් බැට කමින් සිටියදී ය.
හයිලන්ඩ් කිරි පිටි මිලත් ඉහළට !
මේ අතර හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 35.00 කින් සහ 1kg පැකට්ටුව රුපියල් 65.00 කින්ද වැඩිකර තිබේ.
මේ අනුව, ග්‍රෑම් 400ක පැකට්ටුවක නව මිල රුපියල් 380.00 ක් වන අතර, කිලෝවේ පැකට්ටුවක නව මිල රුපියල් 945.00 දක්වා වැඩි වේ.
අවාසනාව කියන්නේ ජනතාව සිය ආදායම් මාර්ග අහිමිව අන්ත අසරණ වී ඇති පසුබිමක ඒ කිසිත් නොසලකා ආණ්ඩුව මේ කටයුතු කිරීමය. ප්‍රධාන ධාරවේ මාධ්‍ය පවා මේ ගැන නිහඬය.