කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම හමුවේ වසා දැමුණු පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනූව අධ්‍යාපන අමාත්‍යාංශ නිර්දේශය වී ඇත්තේ පාසල් ආරම්භයට පෙර සියලු පාසල් විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් අනතුරුව ද අවස්ථා කිහිපයක දි සියලු පාසල් විෂබීජහරණයට ලක් කෙරෙනු ඇත.
මීට අමතරව පාසල් පවත්වාගෙන යාමේ දී සියලු ශ්‍රේණී සදහා පාසල් විවෘත කිරීමක් සිදුනොවන අතර විභාග පාදක කරගනිමින් 10 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණී සදහා පමණක් පාසල් ආරම්භ කිරීමට නියමිත බව මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වු අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.එම්.රත්නායක පවසා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
