යහපාලන සම්මුති ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය ඉවත්වෙයි !

යහපාලන සම්මුති ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය ඉවත්වෙයි !

යහපාලන සම්මුති ආණ්ඩුවෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුම්දී ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට අගමැති රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය සහ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන අතර ජනාධිපති නිල නිවසේදී පැවති සාකච්චාවෙන් පසුව ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් පිරිසක් සමග ජනාධිපතිවරයා සාකච්ඡා කර ඇති අතර එහිදී මෙම තීන්දුව ගෙන ඇත.

අගමැති ඉවත්කරන්න නොනවතින උත්සාහයක්

එමෙන්ම අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයකින් කටයුතු කිරීමට ඇති හැකියාව ඇතුළුව නෛතික තත්ත්වය පිළිබඳ තමන් විමසිල්ලෙන් සිටින බවද ජනාධිපතිවරයා ශ්‍රීලනිප අමාත්‍ය කණ්ඩායමට දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.

විපක්ෂ නායකධුරයට නිමල් හෝ සුසිල්

තවද පාර්ලිමේන්තුව තුළ විපක්ෂනායක ධූරය නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාට හෝ සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයාට ලබා ගැනීම ඇතුළුව ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ බවද වාර්තා වෙයි.

එජාපයෙන් අලුත් කැබිනට් මණ්ඩලයක් - පක්ෂ ප්‍රතිසංවිධානය ඉදිරි මාස 3 තුළ

මේ අතර එක්සත් ජාතික පක්ෂය කැබිනට් සංශෝධනයක් අමාත්‍යධුර 30ක් සමඟ එළඹෙන බ්‍රහස්පතින්දා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අඛණ්ඩව කටයුතු කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊට සහය දෙන පාර්ශව ඇත්නම් ඒ පිළිබඳ සලකා බැලීම සඳහා එජාප නායකත්වයට වගකීම පවරා ඇති බව එජාප සිරිකොත මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු කඩිනම් කිරීමටත් ඒ යටතේ නව මුහුණු කිහිපයක් වෙත පක්ෂයේ ඉහල වගකීම් පවරන්නට නියමිත බවත් එම කටයුතු ඉදිරි මාස තුන ඇතුළත සිදුකර අවසන් කිරීමට අපේක්ෂා කරන බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

සබැඳි පුවත්

ජනපති - අගමැති ‘ගැටුම‘ නිමයි - සුසිල් විපක්ෂයට - නව ඇමති මණ්ඩලය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න