සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා දේවි වන්නිආරච්චි විසින් හෝමාගම මූලික රෝහලේදී මාධ්‍ය අමතමින් කරනු ලැබූ ප්‍රකාශයකට මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ බලවත් විවේචනයක් එල්ල වී ඇත.
එම මාධ්‍ය හමුවේදී ඇය කියා සිටියේ, ''ජනතාව අතර කොරෝනා පැතිරීමක් නෑ.. හෙට වුවත් රට සාමාන්‍ය තත්වයට ගෙන ආ හැකියි'' කියාය.
කොරෝනා වෛරසය මෙරට ජනතාව අතර ව්‍යාප්ත වෙන තත්ත්වයක් නැති බවත් මහජනතාව අතර බෝවීමක් සිදුවන්නේ නැති බවත් සෞඛ්‍ය ඇමතිනිය පවිත්‍රා වන්නිආරච්චි එහිදී සඳහන් කළාය.
එනිසා හෙට වුවද රට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකියාව ඇති බවත් ඇය පැවසුවාය.
අද වන විට රෝගීන් හමුවන්නේ නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළු සහ ආරක්ෂණ පද්ධතිය ඇතුළතින් පමණක් බවත් ඇය සඳහන් කළාය.
ලොව දියුණුම රාජ්‍යයන්ට වසංගතය පාලනය කරන්න බැරිව අසීරු තත්වයක සිටියදී ශ්‍රී ලංකාව රටක් ලෙස ඉතා අමාරුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් මෙය සාර්ථකව මර්දනය කරමින් සිටින බවද ඇය අවධාරණය කර සිටියා ය.

සෞඛ්‍ය ඇමතිවරියගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් පවසන්නේ, අසමත් සෞඛ්‍ය අමාත්‍යවරිය වහාම ඉවත් කර විෂය අනුබද්ධ දැනුම ඇති සුදුසු කම් ලත් කෙනෙක් ජනාධිපතිවරයා විසින් වහාම සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් කල යුතු බවයි.
ඕෂල හේරත්ගේ එම සටහනේ මෙසේද සඳහන් වේ.
''ආණ්ඩු පක්ෂය තුල රජයේ සේවය කරපු වෛද්‍යවරු දෙදෙනෙක් ඉන්නවා පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයන් දැරූ. එහෙත් සෞඛ්‍ය ඇමති වශයෙන් ඉන්නේ සෞඛ්‍ය විෂය ගැන කිසිම මෙලෝ සසරක් නොදන්නා මජර දේශපාලනය පමණක් දන්නා පවිත්‍රය.
පැහැදිලිව පවිත්‍රා වන්නිඅර්ච්චි සෞඛ්‍ය අමාත්‍යවරිය මේ කොරෝනා වසංගතය හමුවේ අසමත්ය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වරයාගේ ඉදන් පහළට ඉන්න වෛද්‍යවරු කොරෝන රෝගය ගැන කරන විද්‍යාත්මක කියවීම ඇයට නොවැටහෙන බව ඉතා පැහැදිලිය.
කොරෝනා වසංගතය හමුවේ ඇති අභියෝග මුහුණ දීමට තාක්ෂණික සහ විද්‍යාත්මක වශයෙන් වෛද්‍ය විශේෂඥයන් කරන විද්වත් යෝජනා ඇයට නොවැහෙටන බවත් විද්‍යාත්මකව කල යුතු දේ ගැන ප්‍රතිපත්තිමය වශයෙන් ගත යුතු තීරණ සහ සිදුවිය යුතු කරණා ඉටු නොවන්නේ ඇයට විෂය අනුබද්ද කාරනා කිසිවක් නොවැටහෙන බව තහවූරු කරමිනි.
සමාජය තුල කොරෝනා අසාදිතයන් ලෙස සැක කරන අය නිරෝධායන මධ්‍යස්ථාන ගාල් කර ඔහුන්ගේ පමණක් PCR පරීක්ෂණ බහුතර වශයෙන් කර ඉන් හදුනා ගන්නා අසාදිතයන් සමාජයෙන් නොවන බවට ප්‍රකාශ කිරීම අමු විහිළුවකි.
සමාජය තුල අහඹු ලෙස කොරෝනා සදහා පරීක්ෂාවන් නොකරන තාක් සමාජය තුලින් රෝගීන් හාමු නොවන්නේ සමාජය තුල නිදහසේ සැරි සරන රෝගය පතුරන රෝගීන් නැති නිසා නොව ඔහුන් හදුනා ගණන් කිසිම දෙයක් නොකරන නිසාය.
කොරෝනා අසාදිතයින් 80%ක් පමණ රෝග ලක්ෂණ නොපෙන්නන හෝ සුළු රෝග ලක්ෂණ පෙන්න නිසාත් අතිබහුතරයක් එම රෝග ලක්ෂණ සදහා කොත්තමල්ලි බොන නිසා වාර්තා වන කොරෝනා රෝගීන් ගණන අඩුය.
මිලියන 20ක ජනගහනයක් ඉන්න රටක කොරෝනා අසාධිතයන් හදුනා ගන්නා පරීක්ෂණ දස දහසක් වත් නොකර සමාජය තුල කොරෝන රෝගීන් නොමැත යනුවෙන් නිගමනයකට ඒමට හැකි සෞඛ්‍ය අමාත්‍යවරිය ඇත්තටම සවුත්තු අමාත්‍යවරියෙකි.

අප මේ මුහුණ දෙන්නේ අප ජිවිත කාලේ මුහුණ දෙන දරුණුතම වසංගතය තත්වයටයි. මෙය මනාව කළමනාකරණය නොකර ගත හොත් අපේ රටටද ඉතාලි, ඇමරිකාව හෝ ඉවදෝරය වැනි රටවලට උරුම ඉරණම උරුම වනු ඇත. ඉහත කි රටවල් සියල්ලේම වසංගතයේ දරුණු පලවිපාක ලැබීමට හේතුව දේශපාලඥයන්ගේ අදුර දර්ශි ක්‍රියාවන්ය.
''මේ ආණ්ඩුව තීරණ ගන්නේ හැමවිටම ප්‍රමාද වෙලා ''
අප කොරෝනා රෝගය වැළදුණු චීන කාන්තාව හමුවූ අවස්ථාවේ අවශ්‍ය පියවර ගත්තේ නම් අද මේ තත්වය උද්ගත වන්නේ නැත. මේ ආණ්ඩුව තීරණ ගත්තත් ඒ තීරණ ගැනීමට සැම විටම ප්‍රමාද විය. එහි පලවිපාක විදිනේ සමාජීයව සහ ආර්ථිකව පිරිහෙන ජනතාවය.
ජනතාවට දැනෙන පීඩනය දේශපාලඥයන් හට නොදන්නෙන් ඔහුන් වරප්‍රසාද ලාභීන් වන බැවින්. සමාජීය ප්‍රශ්න හදුනන්නේ නම් කිසිවිට එක දිනකටවත් මේ අවස්ථාවේ මත්පැන් අලෙවි සැල විවෘත කරන්නේ නැත. ජන්දයක් ගැන කතා කරන්නේ වත් නැත. දවස ගන්නේ කොරෝනා අද ඉවරයි හෙට ඉවරයි කියා කියා ජනතාව මුලා කරන්නේද නැත. වියට්නාමය ඊට හොදම උදාහරණයයි.
මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ දේශපාන සම්බන්ධකම් සහ ජ්‍යෙෂ්ඨතාවය අනුව පත්කර ඇති පවිත්‍ර වන්නිඅර්ච්චි අමාත්‍යවරිය වහාම එම තනතුරෙන් ඉවත් කර, සෞඛ්‍ය විෂය ගැන අවබෝධයක් ඇති, ඒ විෂය උගත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරන ලෙසයි.
වෛද්‍ය විශේඥයින් කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හැකි ප්‍රතිපත්ති දේශපාලනිකව සකස් කිරීමට අවබෝධයක් ඇති අයෙක් පත් නොකලොත් එතුමන් සමස්ත ජනතාවගේ ජිවිත අවදානමට ලක් කරනවා.''

