අද (12) මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනූව මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් ගණන 203 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 55 ක් වන අතර 7 දෙනෙකු මරණයට පත්ව ඇත.
එසේම තවත් රෝගීන් 141 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙම කොරෝනා ආසාදිතයින් සිව්දෙනාම පූනානි නිරෝධායන කඳවුරෙන් හමුවී තිබේ.පූනානි නිරෝධායන කඳවුරේ නිරෝධායනය වන 208 දෙනෙකුගේ සාම්පල ලබා ගෙන ඇති බවත් එක් ස්ථානයකින් මෙතෙක් ලබාගත් වැඩිම සාම්පල ප්‍රමාණය එය බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
