කොළඹ ශ්‍රී සම්බෝධි විහාරවාසී, රාජකීය පණ්ඩිත පූජ්‍ය මහනුවර අමිත ගවේෂී හිමියන් ඇතුළු මහා සංඝරත්නය හත්නමක ගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කළේ ය. එහි දී අනුශාසනාව සිදු කළ පූජ්‍ය මහනුවර අමිත ගවේෂී හිමියෝ, දිවංගත අමාත්‍යවරයා ගේ රාජ්‍ය තාන්ත්‍රික සේවය, ජාතික සමගිය උදෙසා වූ කැපවීම සහ රට වෙනුවෙන් ඉටුකළ මෙහෙවර සිහිපත් කළහ. අනතුරුව පිරිත් සජ්ඣායනා කර, ආයතනයේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශීර්වාද කළහ.
මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, දිවංගත අමාත්‍යවරයා ගේ බිරිඳ සහ LKIIRSS පාලක මණ්ඩලයේ ආයුකාලීන සාමාජිකා සුගන්ධි කදිරගාමර් සහ LKIIRSS වැඩබලන විධායක අධ්‍යක්ෂ තුෂාර රොද්‍රිගෝ යන අයඇතුළු පිරිසක් සහභාගී වූහ. පාලක මණ්ඩලයේ සාමාජිකයින්, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආයතන කාර්ය මණ්ඩලය ද මෙයට එක්ව සිටියහ.




newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
