කුවේට්හි සේවය සදහා ගොස් එහිදී මරණයට පත්වූ කුරුණෑගල, අඹන්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි සමරසිංහ ආරච්චිලාගේ ශ්‍යාමලී රම්‍යා කුමාරි මහත්මිය වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රු.1,846,962.21 ක වන්දි මුදලක් ලබාදීමට නියමිතය.
ශ්‍යාමලි මහත්මිය සේවය කරන අතරතුර හිසේ නහරයක් පිපිරීම හේතුවෙන් හෘදයාබාධයක් ඇතිවී මරණයට පත්වී තිබේ.
ශ්‍යාමලි මහත්මිය වෙනුවෙන් ඇයගේ දියණිය වන එච්.එම්.සකුන්තලා හේරත් මැණිකේ මහත්මිය වෙත විදේශිය රක්ෂණ අරමුදල මගින් හිමිවිය යුතු රු.1,151,962.21ක වන්දි මුදලක් ඊයේ (06) කාර්යාංශයේදී ලබාදෙන ලදී.
ඇය වෙනුවෙන් එරට වැටුප් ලෙස හිමිවිය යුතු රු.150,000.00 ක මුදලක් හා කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවට යාම හේතුවෙන් රක්ෂණ වන්දි වශයෙන් ඇයට හිමිවන රු.500,000.00 ක මුදලක් ඉදිරියේදී ඇය වෙත ලබාදීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
