Image

ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව කැත් රසායනාගාර ඒකක ද්විත්වය සහ නවීකරණය කළ හෘද රෝග සායන ඒකකය හෙට (02) රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක් කෙරේ

ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව කැත් රසායනාගාර ඒකක ද්විත්වය සහ නවීකරණය කළ හෘද රෝග සායන ඒකකය හෙට (02) රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක් කෙරේ

මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවා කාර්යක්ෂම විධිමත් කිරීම උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ උපදෙස් සහ මග පෙන්වීම යටතේ නව වැඩපිළිවළක් මේ වන විට ක්‍රියාත්මකව පවති.

එම වැඩපිළිවල යටතේ ශ්‍රී ලංකා ජාතික රෝහලේ අලුතින් පිහිටුවන ලද හෘද කැතීටර්කරණ රසායනාගාර සංකීර්ණය (Cardiac Catheterization Laboratory Complex)  සහ නවීකරණය කරන ලද හෘද රෝග සායන ඒකකය (Renovated Cardiology Day Case Unit)  නිල වශයෙන් රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක්කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් හෙට (02) පස්වරු 3.00 ට සිදු කිරීමට නියමිත ය. 

Capture1

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම හෘද කැතීටර්කරණ රසායනාගාර ඒකක ස්ථාපිත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ. 

මෙරට හෘද සහ රුධිර නාල පද්ධති සම්බන්ධ රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ  සුවිශේෂි ඉදිරි පියවරක් සනිටුහන් කරමින් මෙම සතිය තුළ මෙරට රජයේ රෝහල් පද්ධතියට නවීනතම කැත් රසායනාගාර ඒකක (Cath Lab) 04 ක් එක් කෙරෙන අතර, ඒ අනුව පසුගිය 27 වන දින යාපනය ශික්ෂණ රෝහලේ කැත් රසායනාගාරය රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක් කෙරිණි. ඊයේ (30) කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කැත් රසායනාගාර ඒකකය ද රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක් කළේ ය. 

මෙම නවීනතම තාක්ෂණයෙන් යුත් උසස් කැතීටකරණ පද්ධතිවල කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ තත්කාලීන (Real-time) රූපකරණ තාක්ෂණය අන්තර්ගත වන අතර, ෆ්ලුරොස්කොපි ක්‍රියාවලියේ දී විකිරණ මාත්‍රාව සැලකිය යුතු ලෙස අඩු කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් රූප ලබා ගැනීමට ද හැකියාව සලස යි. 

Capture

මෙම හෘද කැතීටකරණ ඒකක (Cardiac Catheterization Laboratory) ස්ථාපිත කිරීම ඇතුළු රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂම කිරීමේ  වැඩපිළිවෙළ තුළ මෙරට රෝහල් පද්ධතියේ රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා වන පොරොත්තු ලේඛණ අවම කරමින් වඩාත් පහසු, වේගවත් හා නිවැරදි රෝග විනිශ්චයන් ලබාදෙමින් කාර්යක්ෂම සේවාවක් රෝගී ජනතාවට ලබාදීමට හැකියාව ලැබෙනු ඇත. 

මෙම හෘද කැතීටකරණ ඒකක ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කරන අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා ජාතික රෝහලේ පරිපාලන නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ජාතික රෝහලේ අධ්‍යක්ෂ (නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්) වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර සඳහන් කරයි.

දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න