මෙසී සමුගැනීම කල්දාලා !

මෙසී සමුගැනීම කල්දාලා !

තමන් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු නොගන්නා බව ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලයනල් මෙසී උපුටා දක්වමින් ආර්ජන්ටිනා මාධ්‍ය වාර්තා කර ඇත .

ඊට අනුව ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ (18) පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

තමන්ට ලෝක ශුරයකු ලෙස තවත් තරඟ කිහිපයක් ක්‍රීඩා කිරීමට අවශ්‍ය බවත් මෙසී පවසා ඇත. ‍

තමන් පාපන්දු ක්‍රීඩකයකුට ලබා ගත හැකි සෑම කුසලානයක්ම ලබා ගත් බවත් අඩුව තිබූ ලෝක කුසලානයද අවසානයේ දිනාගත් බවත් මෙසී ප්‍රකාශ කර තිබේ.

නමුත් මෙය තමන්ගේ අවසාන ලෝක කුසලානය වනු ඇති බවත් සඳහන් කර ඇත .

කෙසේ වුවත් මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ මෙවර පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයෙන් පසුව ඔහු ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බව පැවසූ බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න