ප්‍රවීණ රංගනී ශිල්පිනියක වූ ලියෝනි කොතලාවල අද (19) සිය දිවි සැරිය නිම කළාය.
1962 වසරේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය සංවිධානය කළ නාට්‍ය තරගයක් වෙනුවෙන් ජී.ඩී.එල්. පෙරේරා නිර්මාණය කළ සාමා වේදිකා නාට්‍යයට රංගන දායකත්වය දෙමින් කලාවට පිවිසි ඇය ඒ ඇසුරින්ම නිර්මාණය වූ සාමා චිත්‍රපටයේ රඟපාමින් සිනමාවට පිවිසියාය.
චණ්ඩාලි, පිපෙන කුමුදු, වජිරා වැනි චිත්‍රපටවලට ඇය රංගනයෙන් දායක වූවාය.
සෝමාගේ සිහිනය, තාරාදේවි,චරිත තුනක්, කුමාරිහාමි, චාරුලතා,අරවින්ද සහ ඉන්ද්‍රා,හිරුට මුවාවෙන්,නෑදෑයෝ, වැනි විශිෂ්ඨ ටෙලි නාට්‍ය රැසකට රංගනයට දායක වූ ඇය මිය යනවිට 78 වැනි වියේ පසු වූවාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
