පේටන්ට් ලැබුණ ලංකාවේ වැඩක් : හදවතේ සහ රුධිර සංසරණ රෝග වේලාසන !

පේටන්ට් ලැබුණ ලංකාවේ වැඩක් :  හදවතේ සහ රුධිර සංසරණ රෝග වේලාසන !

නව නිර්මාණයක් ලෙසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ජෛව වෛද්‍ය (BIOMEDICAL) නිපැයුමක් සදහා අමෙරිකා එක්සත් ජනපදයෙන් පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව හිමිව තිබේ.

වසර 06කට අධික දිගුකාලීන විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසින් නිර්මාණය කර ඇති JENDO නැමැති මෙම තාක්‍ෂණික නිපැයුමෙන් හදවත සහ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග පෙර තියා හඳුනාගැනීමේ හැකියාව පවතින බව මීට ආදාළ පර්යේෂණ සිදු කළ කණ්ඩායමේ ප්‍රධානී කීර්ති කොඩිතුවක්කු පැවසීය.

කොළඹ වෛද්‍ය විද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨය සහ Jendo Innovations ආයතනය මෙම නිපැයුම සම්බන්ධයෙන් පර්යේෂණ සිදු ක තිබේ. ඒ සදහා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු හා ඉංජිනේරුවරු කණ්ඩායමකගේ දායකත්වය ලබා දී ඇත.

මෙම තාක්ෂණික නිපැයුම ඔස්සේ රුධිර සංසරණ පද්ධතියේ තත්ත්වය පරික්‍ෂාවට ලක් කිරීම තුළින් හදවත් රෝග පමණක් නොව වකුගඩු සහ ලිංගික පද්ධතියේ රෝගද හඳුනාගැනීම අවස්ථාව පවතී.

ශ්‍රී ලංකාවේ පැවැති වෛද්‍ය සමුළුවලදී මේ සම්බන්ධයෙන් හැදින්වීම් කර ඇති අතර ජාතික විද්‍යා පදනමේ උපදෙස් මත අදාළ තාක්ෂණික නිපැයුම වැඩිදියුණු කර ගැනීමට අවස්ථාව උදා වූ බවත් රජයේ සහයෝගය ඒ සදහා ලැබුනු බවත් කීර්ති කොඩිතුවක්කු මහතා සදහන් කළේය. ඒ ඔස්සේ මේ සම්බන්ධ පර්යේෂණ තවත් දියුණු කර ගැනීමට ද හැකියාව ලැබී තිබේ.

මෙරට වෛද්‍ය හා ඉංජිනේරු අංශවල දැවැන්ත පිම්මක් ලෙස මෙම ජෛව වෛද්‍ය (BIOMEDICAL) නිපැයුම හැදින්විය හැකි බවත් මීළඟ අදියර ලෙස මෙය තවත් ප්‍රචලිත කිරීම සදහා අන්තර්ජාතික වෛද්‍ය සමුළුවෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බව කීර්ති කොඩිතුවක්කු වැඩිදුරටත් පැවසීය.

001

002

003

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න