Language Switcher

V2025

එඩ්වින් ආරියදාස දිවි සැරියට සමුදෙයි !

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයෙකු, මාධ්‍යවේදියෙකු, පරිසරවේදියෙකු, ගුරුවරයෙකු  වූ  ආචාර්ය එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

ඔහු  මියයන විට 98 හැවිරිදි වියේ පසුව ඇත.

 සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙක විශිෂ්ඨ ලෙස හැසිරවීමෙහි මනා නිපුණත්වයකින් හෙබි ඔහු අති දක්ෂ විදෙස් පුවත් විශ්ලේෂකයකුද විය.

ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන ඇතුළු සම්මාන 300කට වැඩි ප්‍රමාණයක් හිමිකර ගෙන ඇති ආචාර්ය එඩ්වින් ආරියදාසට අප නිවන්සුව ප්‍රාර්ථනා කරමු !