Image

රාජ්‍ය ව්‍යවසාය ආර්ථිකය කාබාසිනියා කරමික් පාඩු ලබනවා - රජිත් කීර්ති තෙන්නකෝන්

රාජ්‍ය ව්‍යවසාය ආර්ථිකය කාබාසිනියා කරමික් පාඩු ලබනවා - රජිත් කීර්ති තෙන්නකෝන්

සීනි සමාගම, ශ්‍රී ලංකන්, රූපවාහිනිය, ගුවන් විදුලිය, විදුලිබල මණ්ඩලය, ගොවිජන රක්ෂණ මණ්ඩලය, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, වැවිලි සංස්ථාව, ජනවසම, සතොස, ධීවර වරාය නීතිගත සංස්ථාව රටේ බදු මුදල් ගිලින බවත්, මේ වන විට භාණ්ඩාගාරය හිස් කරමින්, වර්ධනය වෙමින් පවතින ආර්ථික අර්බුදයට එක් ප්‍රධානතම හේතුවක් වන්නේ, රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණයේ දී රාජ්‍යය දක්වන අසමත් කළමනාකරණ යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයෙහි විධායක අධ්‍යක්ෂ රජිත් කිර්ති තෙන්නකෝන් සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ පුවත් පත් නිවේදනයක් නිකුත් කරමිනි.

මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවට අනුව 2023 දී ආර්ථික අර්බුදය සමයේ දී රු.බි. 75 ක් ලාභ ලැබූ රජය සතු ව්‍යවසාය ආයතනවල (SOE) ලාභය 2025 දී රු.බි. 56 දක්වා පහත වැටී ඇති බවත්, මේ ආයතන සතු සම්පත් සමග සැලකීමේ දී මෙය සොච්චම් මුදලක් බවත් එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් කෙරේ.

එමෙන් ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ රජය සතු ව්‍යවසාය පිළිබඳ නිර්දේශ ගණනාවක් ලබාදුන් නමුත් මේ වන විට ඒ සියල්ල හකුලා දමා ඇති බවත්,  එහි ප්‍රතිඑලයක් ලෙසින් රාජ්‍ය ව්‍යවසාය රැසක් පාඩු ලබමින් පවතින අතර: ජනතාවට, වෘත්තීයවේදීන්ට පීඩා ගෙන දෙමින් රැස් කර ගන්නා බදු මුදල්, වෘත්තිකයින්ගෙන් එකතුකර ගන්න බදු මුදල් වැය වෙන්නේ මේ නාස්තිකාර රාජ්‍ය ව්‍යවසායයන්ගේ පාඩුව පියවා ගන්න යැයි රජිත් කිර්ති තෙන්නකෝන් සඳහන් කරයි.

මතු පළ වන්නේ  ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයෙහි විධායක අධ්‍යක්ෂ රජිත් කිර්ති තෙන්නකෝන් විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.

 

hk111

hk2hk3

hk4

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න