බිහිදොර අබියස හිරුණිකා !

බිහිදොර අබියස හිරුණිකා !

හුඟක් අය හිරුනිකාගේ 'කඩා පැනීමේ ක්‍රියාව' දිහා බලන්නේ උත්ප්‍රාසයෙන්. මිරිහානේදිත්, රනිල්ගේ ගෙදර ළඟදිත්, අද ජනාධිපති මන්දිරේ අසලදිත් එයා කරපු කඩා පැනීම වමේ අයගේ පැත්තෙන් අධි-ක්‍රියාවක්. නැත්නම් අධි රඟපෑමක් වගේ දෙයක් (over-acting).

පිරිමි අය තෙල් පෝලිම් වලට හුරු වෙමින් ඒවායේ දන්සැල් දෙනකොට, ගහමරා ගන්නකොට, වැඩි ගාණට විකුණන්න තෙල් අදිනකොට, හමුදාවේ උන්ට කික් බොක්සිං ගහන්න බොඩි එක දෙනකොට ගැහැණියක් හැටියට හිරුණිකා ඉන්නේ දේශපාලන වශයෙන් සෑහෙන්න ඉස්සරහින්.

පවත්නා පිළිවෙලට අනුගත වෙමින් යන 'අක්‍රීය පිරිමි ලෝකෙක' ගැහැණියක් හැටියට හිරුනිකා ගේන 'උමතු දේශපාලනය' අර සොම්බී ගතිය පලවා හරින්න උදව් වෙනවා (zombie existence).

පිළිවෙලට පිරිත් කියනවා වගේ සටන් පාඨ බේත් සීට්ටු වල ලියාගෙන වමේ වෘත්තීය සමිති කොළඹ එනකොට හිරුණිකා අරගලයේ 'අනපේක්ෂිත අපරිණත මොහොත' (contingent moment) ප්‍රයෝජනයට ගන්නවා. ගින්න අවුලනවා. ගෝඨා-රනිල් නරුම විදියට හිනා වේවි අපේ අසරණ කමට වංචා කරනකොට එකෙ වාඩුව ගන්න හිරුනිකා ඉදිරිපත් වෙනවා. අන්න ඒකයි හිරුනිකා ගිණි අවුලන සුළුයි කියන්නේ.

එයා විප්ලවයේ බිහිදොර අබියසට ඇවිල්ලා ඉන්නේ. දැන් පුළුවන් අනික් අයට ඒ මහා ගින්න අවුළුවන්න.

මම හිතන්නේ නැහැ හිරුනිකා තනිකරම එයාගේ පක්ෂයේ අරමුණු, ක්‍රියාමාර්ග සහ විනය රාමුව එක්ක ඉන්නවා කියල. ගොඩක් වෙලාවට පක්ෂ විනය රාමුවෙන් පිට එයා වැඩ කරනවා වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට එයා යම් නිදහසක් භුක්ති විඳින බව පේනවා. ඒක වැදගත්.

අරගලය නිර් පාක්ෂික නම් කළහැකි රැඩිකල්ම දෙය පක්ෂය විසුරුවා හරින එක. අරගලය ඇතුලේ පක්ෂය කියන ඝන වූ දෙය දියකර හරින එක. අරගලය විකසිත වෙන විදියට විකසිත වෙලා අලුත් යමක් ඒ තුලින් බිහි කර ගන්න එක.

ඔබේ ගුරුවරයා ලෙනින් කර ගන්න. හැබැයි විසි එක් වන සියවසේ අරගලය ඇතුලේ ලෙනින් ගෙන් ගොඩක් ඉදිරියට යන්න.

අද 'උමතු හිරුනිකා' මුහුණු පොතට එකතු කරලා තියන මේ ඉමේජ් එක දැක්කම මට මතක් උනේ සබුද්ධික හරිනි අමරසුරිය.

(Hirunika at the Gates යන්න Revolution at the Gates බලා නැවත ලියන ලදී.

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න