Image

දර්ශන හඳුන්ගොඩට අයත් භාණ්ඩ මුදා හරින්නැයි අධිකරණය නියෝග කරයි

දර්ශන හඳුන්ගොඩට අයත් භාණ්ඩ මුදා හරින්නැයි අධිකරණය නියෝග කරයි

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වූ, මියගිය දර්ශන හඳුන්ගොඩ යන අයට අයත් අධිකරණය බාරයේ තිබූ නඩු භාණ්ඩ වන ඔහුට අයත් පරිගණක ය සහ ජංගම දුරකතන ඔහුගේ බිරිඳ වෙත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා නියෝග කර ඇත.

ඔහු ගේ බිරිඳ නිතිඥවරයෙක් හරහා සිදු කළ ඉල්ලීමට අනුව මෙලෙස මුදා හැර ඇත්තේ: නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකුට සහ රජයේ අධිනිතිඥවරියකට අසත්‍ය ප්‍රකාශ කරමින් යුක්තිය පසිඳලීමේ ක්‍රියා සිදු කරන රජයේ නිලධාරින් කෙරෙහි මහජනයා අතර වෛරය පැතිරෙන අයුරින් සහ කෝපයට පත්වන අයුරින් ඔහුට අයත් යූ ටියුබ් චැනලයකින් අසත්‍ය ප්‍රචාර සිදු කළ සිද්ධියක් සම්බන්ධයෙන් නඩු භාණ්ඩ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබු භාණ්ඩ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න