Language Switcher

V2025

අරාජිකත්වය දකින වික්ටර්ට මංගල සිහිවෙයි..!

නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ පුරෝකතනය කරමින් අභ්‍යන්තර දේශපාලනික කුණුවීම හා ඕජස් ගැලීම වහ වහා රටට අණාවරනය කළ ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් නැවතත් වර්තමාන අර්බුදයේ භයානකත්වය පිළිබඳ විශේෂ සටහනක් තම ෆේස්බුක් ගිණුමේ පළකොට ඇත.

එහි සුවිශේෂීත්වය නම් 'ඒකාධිපතිත්වයට වඩා අරාජිකත්වය ඉතා භයානක බව යන්නයි' එහිදී ඇතිවී ඇති තත්වය තුළ ඔහු පෙන්වා දෙන්නේ යම් රාජ්‍යයක ඒකාධිපතිත්වයෙන් ඇතිවන හානියට වඩා අරාජිකත්වය කරා යාමෙන් ඇතිවන හානිය කිසිදා හානිපූර්ණය කළ නොහැකි තත්වයක් බවයි. බර්ට්‍රන්ඩ් රසල්ගේ "Power: A new social ananalysis" නම් කෘතියද උපයෝගී කොටගෙන ඇත.

අරාජිකත්වය පුරෝකතනය කළ වික්ටර්ට මංගල සිහිවීම….

සැබවින්ම මංගල සමරවීර යනු ජීවත්ව සිටියාට වඩා අද සිටියානම් කෙතරම් වටිනා පුද්ගල චරිතයක්ද යන්න සමස්ත සමාජයම කතාකරමින් සිටී…

වසරකටත් පෙර ඇතිවීමට නියමිත දරුණු ආර්තික හා සාමාජීය කඩාවැටීම ඔහු කල්තියා දුටු දේශපාලකයෙක් විය. සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය අතික්‍රමණය කරමින් "Z" පරපුරේ තාරුණය රට ලෝකයට විවෘත කරමින් 'රැඩිකල් මැද මාවත' නැතිනම් 'ෆ්‍රීඩම් හබ්' නිර්මාණය කරන ලදී.

නව දේශපාලන ආර්තික සාමාජීය මාවතක් සොයායන ගමනේ මූලාරම්භය සනිහටුන් කිරීමේදී මංගල විසින් ජේෂ්ඨ මාධ්‍යවේදී වික්‍ටර් අයිවන් හට උත්සවය ඇමතීමට ආරාධනා කළ අතර එදා වික්ටර් අයිවන් විසින් හෙළිකළ හා පුරෝකතනය කළ බොහෝ කරුණු නිසාවෙන් මංගල අධිවේගීව රැඩිකල් මැද මාවතේ ගමන් කරමින් සිටියදී අප අතරින් සමුගත් හ.
ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් තම ෆේස්බුක් ගිණුමේ දීර්ඝ සටහනක් තබමින් මංගල ගැන මෙසේ කියයි…

'ඔහු හැමදාම තරුණ පරපුර වෙනුවෙන් පෙනීසිටි අයෙක්, එහෙත් තරුණ නැගිටීමට පෙර ඔහු මියගියේය.තරුණ නැගිටීම සිදුවන විට ඔහු ජීවතුන් අතර සිටියේ නම් ඔහු කුමක් කරණු ඇත්ද? තරුණ නැගිටීමේ අපේක්ෂා ඉටුකරගැනීම සඳහා එම අරගලය ව්‍යවස්ථාපිත රාමුවකට ගැනීමේ අවශ්‍යතාව ඔවුන්ට බලවත් ලෙස පෙන්වාදෙන අතර එම ඉලක්කය සපුරාගැනීමට බලවත් ලෙස ආරාධනා කරන පිළිවෙතක්ද අනුගමනය කරනු ඇතයි සිතමි' ලෙස ඔහු පවසා සිටී.

සැබවින්ම සැබෑ ජන අරගලය ඩිජිටල් පරම්පරාව විසින් ග්‍රහණය කරමින් අත්පත් කරගනිද්දී මංගල සමරවීරයන් ජීවතුන් අතර සිටියේ නම් අද සැබෑ අරගලය ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක ලෝක ඉතිහාසයට එක් වන්නේ විවිධත්වයකින් සියළු ජාතීන්ගේ අදහස් හැඩතල වලින් පරිපූර්ණව ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ජයගත් ඩිජිටල් සියවසේ මහා විප්ලවය ලෙසින් වන්නට තිබුණි..

කෙසේ නමුත් ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්ගේ සටහන කියවා අවබෝධ කරගන්නේ නම් සියලු අරගල කරුවන්ට, සියලු දේශපාලකයන්ට මෙන්ම සමස්ත රටවැසියාටද ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්ගේ ගේ සටහන පහතින්

සුමුදු මද්දුමආරච්චි,
මිලානෝ,
ඉතාලිය.