Language Switcher

V2025

රුපියල හාන්සියි..! ලක් ඉතිහාසයේ ප්‍රථම වරට පැය 12ක් යන්නට පෙර රුපියල් 14කින් අවප්‍රමාණය වෙයි !

ආර්ථික ශක්‍තිමත් කිරීමට හා රුපියල ස්ථාවර කිරීමට හැකි එකම දේශපාලන බලවේගය තමන් යැයි කියමින් බලයට ආණ්ඩුව හමුවේ දිගින් දිගටම රුපියල විශාල ලෙස කඩාවැටීමට ලක්වෙමින් පවතී……

අමාත්‍ය කබ්‍රාල්ගේ පම්පෝරියට පැය 12ක් යන්නට මත්තෙන් වූ වින්නැහිය ආචාර්‍ය හර්ෂ ප්‍රශ්න කරයි………!!          

ට්‍රිලියන ගණනක් අහස් උසට ගොඩගැසී ඇති නය කන්දට තවත් ණයක් ලෙස ඇමරිකන් ඩොලර් මිලියන 500ක් චීනයෙන් ලබාගත් අමාත්‍ය නිවාඩ් කබ්‍රාල් පැවසූයේ රුපියල ශක්තිමත් කරන බවත් ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වූ බවත්ය..                

තවද වැඩිදුරත් ට්විටර් පණිවිඩයක් හරහා ආචාර්‍ය හර්ෂද සිල්වා,පිච් රේටිංග්ස් හා මූඩි දැනුවත් කරමින් ගැනුම් මිළ හා විකුණුම් මිළ 187.93 හා 191.97 ලෙස ශක්තිමත් වී ඇතිබව ප්‍රාකාශ කොට වැඩ කරන රජයක් ලෙස රුපියල ස්ථාවර කළ අකාරය ලොවට ප්‍රදර්ශනය කොට අවමය පැය 12ක් ගතවීමට ප්‍රථම ලක් ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල, දිනක් තුළදී රුපියල් 14කින් අවප්‍රමාණය වී ඇත.  

කොලර් උස්සල පොර ටෝක් දීල මොහොතකින් රුපියල වාර්ථාගත ලෙස අවප්‍රමාණය වෙලා……!        

අද දින පාර්ලිමේන්තුව තුළදී ආචාර්‍ය හර්ෂ ද සිල්වා අමාත්‍ය නිවාඩ් කබ්‍රාල්ගෙන් විමසා සිටියේ ඊයේ ශක්තිමත් කළ රුපියල මෙසේ කඩා වැටුනේ කෙලෙසකද යන්නයි….

තවද ඔහු විසින් ප්‍රශ්න කෙරුනේ, අද උදෑසන වෙළඳපොළ වටිනාකම ලෙස තිබූ ප්‍රමාණයත් සවස 3.20 වෙද්දී රුපියල් 14කන් අවප්‍රමාණය වී ඉතිහාස ගත රුපියල් බාල්දුවීමට ඔහු වගකිව යුතු බවත් පාර්ලිමේන්තුවේ කයිවාරු නොගසා අමාත්‍යාංශයට ගොස් රුපියල කළමණාකාරණය කරගන්නේ කෙසේදැයි සොයාබලන ලෙසත්ය.                

තිබෙන ණය කන්දට අධික පොළී අනුපාත යටතේ චීන ණය ලබාගමින් රුපියට ශක්තිමත් කළ නොහැකි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ( IMF ) ආයතනය හා සාකච්ඡා කොට ණය කළමනාකරණය කරමින් ඔවුන්ගේ විස්වාසය දිනාගෙන කටයුතු කළ යුතු  බවත් මීට ප්‍රථම අවස්තා කීපයකදී ආචාර්‍ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කොට ඇත.

එමෙන්ම අද දින රාජ්‍ය අමාත්‍ය නිවාඩ් කබ්‍රාල්ට එරෙහිව නුගේගොඩ නාල්න්දාරාමාධිපති අතිපූජ්‍ය තීනියාවල පාලිත හිමි විසින් ජනතා මුදල් රුපියල් බිලියන 23ක් අවභාවිතා කිරීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුවක්ද ගොණු කලේය.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් ගේ ඓතිහාසික ට්වීටර් සටහන පහත දැක්වෙයි .

IMG 20210420 WA0007

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි.

මිලානෝ.ඉතාලිය.