හැත්තෑ වසරකට අධික කාලයක් සිංහල ගීත ලොව ඒකාලෝක කළ ගායන තාරකාව වන ලතා වල්පොළ පසු ගිය 27වන දින සිය ජීවන ගමනට සමු දුන්නා ය.
හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොලගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31) පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදී සිදුකර බොරැල්ල පොදු සුසාන භූමියේදී භූමදාන කිරීමට සැලසුම් කර තිබේ.
ලතා වල්පොළ මැතිණියගේ හදිසි වියෝව සම්බන්ධයෙන් තමා බලවත් ලෙස කනගාටුවට පත් වන බවත්, ඇගේ වියෝව වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ශ්‍රී ලාංකීය ගීත වංශකතාවේ ගී රැජිනගේ අභාවය සම්බන්ධයෙන් අසීමිත ලෙස දුකට පත් වන බවත්, සිය පියාගේ සමයේ සිට ම ඇය සමග සමීප සම්බන්ධතාවක් පැවැති බවත් සෑම ගම් උදාවකම ඇය එක් වී රටේ ජනතාව වෙනුවෙන් රජය කළ සේවාවට ඉමහත් ශක්තියක් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.
දශක හතකට අධික කාලයක් සිංහල සිනමාවේ පසුබිම් ගායිකාවක ලෙස රැඳී සිටිමින් සිය ජීවන ගමනට සමුදුන් හෙළයේ ගීත කෝකිලාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දැක්වී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න