එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය 2 : ජූලි 24-27 අනුරාධපුරයේ !

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය 2 : ජූලි 24-27 අනුරාධපුරයේ !

නව ව්‍යවසායක පරාදීසයක් බිහි කිරීමට මග කියන දෙවැනි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ජූලි මස 24 සිට 27 දක්වා පුරා දින හතරක් අනුරාධපුරය වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත මුදල් ඇමැති මංගල සමරවීර විසින් මෙහෙයවන නව ව්‍යවසායකයින් දස ලක්ෂයක් බිහි කිරීමේ වැඩපිළිවෙළට සහ වසර 2025දී පොහොසත් රටක් බිහි කිරීමේ දැක්මට උතුරුමැද පළාතේ පිරිස් වැඩි වැඩියෙන් එක්කර ගැනීමට මෙවර ප්‍රදර්ශනය තුළින් රජය බලාපො‍‍රොත්තු වන බව මේ සම්බන්ධව රජය නිවේදනය කරයි.

නව ව්‍යවසායකයෙකුට ව්‍යාපාරයක් ඇරඹීමට අවශ්‍ය මූලික කරුණු එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම පිළිබද දැනුම්වත් කිරීම සහ එම ණය ලබා ගැනීමට ඇති බාධා ඉවත් කිරීමේ ජංගම සේවාවක්ද මේ දින හතර පුරාම පැවැත්වේ.

මේ සඳහා රජය් සහ පෞද්ගලික දෙඅංශයේ සෑම බැංකුවකම ප්‍රධානීහු හා බලයලත් නියෝජිතයෝ එක්ව ජනතාවට මෙහිදී සේවා සපයනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න