ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන් ම කඩා වැටෙන ආකාරය තව ටික කාලෙකින් දැකගැනීමට හැකිවනු ඇතැයි, Viii වන විධායක ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කොළඹ දී පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ කළේ කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අමතමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ...
ආණ්ඩුව මූලික අයිතිවාසිකම් කඩ කරනවා
“රණවිරුවන් සහ සංඝයා වහන්සේලා නැති කිරීමේ පාලනයක් අද ක්‍රියාත්මක වෙනවා. අද රටේ භාරදූර තත්ත්වයක් උද්ගතව තිබෙනවා. එවැනි අවස්ථාවක අප කොහොමද ක්‍රියා කළ යුත්තේ? ආණ්ඩුව හැම පැත්තෙන්ම හිර වෙලා. එක පැත්තකින් ආර්ථිකය වැටෙනවා. රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් ම කඩාවැටෙන්න යන ආකාරය තව ටික කලක් ගියාම පෙනේවි. දෙවනුව එන්නේ මූලික අයිතිවාසිකම්, නිදහස, මිනිස් අයිතිවාසිකම් පිළිබඳ කාරණයයි. සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමත්, ඔහුට සලකන ආකාරය ගැනත් ලොකු ප්‍රශ්නයක් වෙලා. තව ද, රණවිරුවන්, සංඝයා වහන්සේලා නැති කරන්න යන වැඩසටහන ක්‍රියාත්මකයි. තව ටික කලක් යද්දී බෞද්ධ සමිතිවලටත් මේ පාලනය ඒවී.
විපක්ෂය තවම සම්පූර්ණයෙන් ම එකමුතු වී නැහැ
ජීවන වියදමත් අද විශාල ප්‍රශ්නයක් වෙලා. මේවා වෙනුවෙන් අප ඉදිරිපත් වන්නේ කෙලෙස ද? විපක්ෂය තාම සම්පූර්ණයෙන් ම එකමුතු වී නැහැ. විපක්ෂය අතර ප්‍රබල සම්බන්ධීකරණයක් තිබිය යුතුයි. විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂය තුළින් ප්රචාරක කටයුතු ගෙනියන්න අපට හැකි වී තිබෙනවා. අප සංවිධාන සහ ප්රචාරක කටයුතු තව ශක්තිමත් කළ යුතුයි. ඒ ප්රචාරක කටයුතු සති අන්තයේ මහනුවර පටන් ගන්නවා. ඊළඟට කුරුණෑගලට කළුතරට යනවා. දැන් දිගටම මේ වැඩ කටයුතු කරන්න ඕනෑ. ඒකාබද්ධ විපක්ෂය සාර්ථකව ක්‍රියාකරගෙන යනවා. එක්සත් ජාතික පක්ෂයත් තව කණ්ඩායම් සමග සාකච්ඡා කරමින් සිටිනවා. අපට මීට වඩා ශක්තිමත් සම්බන්ධීකරණයක් ඇති කරගන්න පුළුවනි. ඒකෙන්ම ප්‍රධාන පණිවිඩයක් යන්න ඕනෑ.
ජීවන් තොණ්ඩමන් අපි සමග වැඩ
ඔක්කොම එක සැරේ බදාගන්නේ නැතුව පියවරෙන් පියවරට යන එක වඩා හොඳයි. අපට එකට එකතු වෙලා ගම් මට්ටමේ, ආසන මට්ටමේ ප්‍රචාරය කරන්න පුළුවනි. ඒක මට පෙනෙන ලොකු ආරම්භය යි. ඒ වගේම තවත් වැඩ කටයුතු තිබෙනවා. අප ඒවා හඳුනාගෙන යන්න ඕනෑ. අප එක්ක සාකච්ඡා කර එකට වැඩ කරන්න කැමති සංවිධාන කීපයක් තිබෙනවා. මේ ආරම්භයයි. එසේම ජීවන් තොණ්ඩමන් මැතිතුමාත් අප එක්ක එකතුව වැඩකරන්න සාකච්ඡා කළා, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුත් එකතුව වැඩ කටයුතු කරන්න කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. අලුත් බලවේග කීපයක් ද තිබෙනවා. මේ කණ්ඩායමත් එක්ක වැඩ කටයුතු කරන්නේ කොහොමද කියන එක තමයි අප සැලසුම් කළ යුත්තේ. වැඩිය කල් යවන්නේ නැතුව, අප අද සාකච්ඡා කර ඊට පසු තීරණයක් ගෙන ඉදිරියට යමු.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
