Image

බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගෙන්වයි

බීබීසී සිංහල සේවයේ මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ගෙන්වයි

අනුරාධපුරයේ බාලවයස්කාර දැරියක් බරපතළ ලෙස අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ගේ සංසදය පැවැත්වූ රැස්වීමක් වාර්තා කිරීමේ සිද්ධියක් මුල්කරගෙන බී.බී.සී. සිංහල සේවයේ සංස්කාරකවරිය හා මාධ්‍යවේදීන් කිහිපදෙනකු ජූලි 23 වැනිදා පස්වරු 2.00ට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඇති බව වාර්තාවේ.

අදාළ අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව සිදුකෙරෙන විමර්ශනවල වත්මන් තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය 2026 ජූනි 5වන දා රැස්වී තිබිණි.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නිල ව්‍යවස්ථාපිත පාර්ලිමේන්තු කාරක සභාවක් නොවන පසුබිමක එම රැස්වීම වාර්තා කල මාධ්‍යවේදීන් මෙසේ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවා ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න