සතොස මගින් මිලදී ගත හැකි භාණ්ඩ 12ක මිල ගණන් අඩුකර ඇති බව වාර්තා වෙයි .
සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මිලගණන් ඉදිරිපත් කළේය.

ඊට අනුව ආනයනික පොන්නි සම්බා කිලෝවක් රුපියල් 21කින් මිල අඩු කර ඇති අතර එහි නව මිල රු 194කි.
පරිප්පු කිලෝවක් රුපියල් 25කින් මිල අඩු කර ඇති අතර නව මිල රු 460කි.
දුඹුරු සීනි කිලෝවක් රුපියල් 2කින් මිල අඩු කර තිබෙන අතර නව මිල රු 310කි.
ආනයනික නාඩු හාල් කිලෝවක් රුපියල් 2කින් මිල අඩු කර ඇති අතර නව මිල රු 198කි.
හාල්මැස්සෝ කිලෝවක් රුපියල් 25කින් මිල අඩුකර ඇති අතර නව මිල 1,375කි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
