දින 22 ක් සඳහා ප්‍රමාණවත් පෙට්‍රල් සංචිත මෙන්ම ඉදිරි දින 30ක කාලයක් සඳහා ප්‍රමාණවත් ඩීසල් සංචිත රට තුළ පවතින බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
මේ අතර ඊයේ (22) දිනය තුළ ඩීසල් මෙට්‍රික් ටොන් 4000 ක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැර ඇති බවත් වාර්තා වෙයි .
ඒ අනුව මීට පෙර හිඳීගොස් තිබූ මෙරට තෙල් සංචිත ක්‍රමයෙන් ඉහළ යමින් ඇති බවත් වාර්තා වෙයි .
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් තුන්දහසක් ද ඉන්ධන පිරවුම්හල් වෙත බෙදා හැර ඇති බවයි.
සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසන්නේ වාහන අංකය අනුව ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙලට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
