ද. අප්‍රිකානු නායකයාට ඉල්ලා අස්වන ලෙස බලපෑම්ද

ද. අප්‍රිකානු නායකයාට ඉල්ලා අස්වන ලෙස බලපෑම්ද

දකුණු අප්‍රිකානු පාලක පක්ෂය වන අෆ්රිකානු ජාතික කොංග්‍රසය(ANC) ජනාධිපති ජැකොබ් සුමාගෙන් ඉල්ලා අස්වෙන ලෙසට නිල වශයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

ජාතික කොංග්‍රසයේ ඉහළ නායකත්වය එලෙස ඉල්ලීමක් කළද ඔහු මේ වනවිටද බලයේ රැඳී සිටියි.

ඒ වෙනුවට සූමා තමනට තවත් මාස තුනක හෝ හයක අතර කාලයක් බලයේ රැඳී සිටිය හැකි බවට කොංග්‍රසය වෙත ප්‍රකාශ කර තිබේ.

සූමාට දූෂණ චෝදනා

2009 බලයේ රැඳී සිටින ජැකොබ් සුමා දූෂණ චෝදනා රැසක් එල්ල වුවෙකි. රජයේ මුදල් යොදවා මහා මන්දිරයක් ඉදිකිරිම ඒ අතරින් ප්‍රධාන වේ. 2016 දී දකුණු අප්‍රිකානු අධිකරණය සූමා මහා පරිමාණය ආයුධ ජාවාරමක කොටස් කරුවෙකු බව තීන්දු කර තිබේ. ඒ අතරම මුදල් විශුද්ධිකරණ සහ මූල්‍ය වංචා ඇතුළු අපරාධ චෝදනා 18 ක් ඔහුට විරුද්ධව ගොනු කෙරී තිබේ.

නිල අයිතිය

අස්වන ලෙස නිල වශයෙන් ඉල්ලා සිටීමට විරුද්ධ වීම සදාචාරාත්මක වශයෙන් නොගැලපුනත් ඔහුට තනතුරේ රැඳී සිටීමට නීතියෙන් බලපෑමක් නොමැති බව වාර්තා වේ. නමුත් ඉදිරියේදී ගෙන ඒමට නියමිත විශ්වාසභංගයට මුහුණ දීමට ඔහුට සිදුවෙනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න