Language Switcher

V2025

ඇමරිකාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 17 දෙනෙකු මරුට

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාසලකදී, තරුණයෙකු  කළ වෙඩි තැබීමකින් 17 දෙනෙකුට අසන්න පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. 
 
වෙඩි තැබීම සිදුකළ  තරුණයා ඊට පෙර එම පාසලෙන් නෙරපනු ලැබූ නිකොලාස් කෘස් නම්  19 හැවිරිදි පුද්ගලයෙකි . ඔහුද වෙඩි තැබීමේ සිදුවීමෙන්  තුවාල ලබා මේ වනවිට ප්‍රතිකාර ලබන බව පැවසේ. 
 
බලධාරීන් පවසන ආකාරයට මෙම තරුණයා  පාසලට ඇතුළුවීමට පෙර පුද්ගලයන් තිදෙනෙකුට වෙඩි තබා ඇති අතර ඉන්පසු පාසල තුළදී තවත් පිරිසකට වෙඩි තබා තිබේ. 
 
 
2012 වසරේ මෙවැනිම ආකාරයට පාසලක සිදුවූ වෙඩි තැබීමකින් ළමුන් 26 දෙනෙකු ජිවිතක්ෂයට පත්විය. 
 
ඇමරිකාවේ සිදුකරන ලද සමීක්ෂණයට අනුව මෙය මේ  වසර තුළ පාසල් තුළ සහ පාසල් පරිශ්‍රයක් අවට සිදුවූ 18 වන වෙඩි තැබීම වේ. එසේම පුද්ගලයන් මරණයට පත්වූ හෝ තුවාල ලැබූ හයවන සිදුවීම බව වාර්තා වේ. 
 
2013 වසරේ සිට මේ දක්වා ඇමරිකාවේ පාසල් තුළ පමණක් මෙවැනි වෙඩි තැබීම් 291ක් සිදුව තිබේ.