Language Switcher

V2025

හොලිවුඩ් නළු ටොම් සහ බිරිඳටත් කොරෝනා වැළඳෙයි

ඔස්කාර් සම්මානලාභි නළු ටොම් හැන්ක්ස් සහ ඇයගේ බිරිඳ රීටා විල්සන්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

වෛරසය වැළඳුණු ඔවුන් දෙදෙනා මේ වනවිට ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටොම් ඉන්ස්ට්‍රග්‍රෑම්හි සටහනක් තබමින් පවසා ඇත්තේ,සෙම්ප්‍රතිශ්‍යාව රෝග ලක්ෂණ පහළ වීමෙන් පසු වෛද්‍ය උපදෙස් ලබා ගත් බවයි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් සඳහන් වන්නේ, 63 හැවිරිදි ටොම් හැන්ක්ස් සහ බිරිඳ ඔවුන් දැනට ස්ථාවර තත්ත්වයකින් පසුවන බවයි.

ඔවුන් දෙදෙනා ඔස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ, චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීම සඳහායි.