කොලොම්බියාවේ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කරන ලද ක්‍රීඩා ඇඳුම් ප්‍රචලිත කිරීම සඳහා රූ රැජනකට අන්දවා රූපවාහිනියේ විකාශනය කරමින් ප්‍රචාරක වාසියක් ලැබූ අඩිඩාස් සමාගම දැඩි විවේචනයට ලක්ව ඇත.
කාන්තා ජාතික කණ්ඩායම වෙනුවෙන් අඩිඩාස් සමාගම නිර්මාණය කරන ලද මෙම ඇඳුම් කට්ටලය කොලොම්බියානු රූ රැජනක් මෙන්ම ලෝක රූ රැජනක්ද වූ මේ වන විට නිළියක මෙන්ම නිරූපිකාවක ලෙසද ප්‍රකට පෝලිනා වෙගා ඩිප්පා ට අන්දවා එය රූපවාහිනියේ විකාශය කර තිබේ.
මෙම විවේචනය වඩාත් දැඩි වීමට හේතු වී ඇත්තේ පිරිමි කණ්ඩායමේ ක්‍රීඩා ඇඳුම ප්‍රචලිත කිරීම සඳහා සුපිරි ක්‍රීඩක ජේම්ස් රොඩ්රිගස් යොදා ගනිද්දී කාන්තා ඇඳුමට නිළියක් යොදා ගැනීමයි.
කොලොම්බියානු කාන්තා පාපන්දු කණ්ඩායම මේ වන විට පිරිමි කණ්ඩායමටත් වඩා ජාත්‍යන්තර වශයෙන් දස්කම් දැක්වීමට සමත්ව තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
