ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු මෙන්ම වියට්නාම් යුද ප්‍රවීණයෙකු වූ සෙනෙට් සභික ජෝන් මැකේන් අද (26) අලූයම අභාවප්‍රාප්තව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
අභාවප්‍රාප්ත වන විට ඔහු 81 වියේ පසුව ඇති අතර ඔහුගේ පවුලේ ඥාතීන් සඳහන්කර තිබෙන්නේ 2017 ජූලි මාසයේ සිට මැකේන් මහතා මොළයේ පිළිකාවකින් පීඩා විඳි බවය.
2008 වසරේදී ඔහු රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සුදුසුකම් ලැබු අතර එහෙත් ඔහු ඩිමොක්‍රටික් අපේක්ෂක බැරැක් ඔබාමා වෙතින් ජනාධිපතිවරණයේදී පරාජයට පත්විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
