දලයි ලාමාගෙන් අයිෆෝන් 'ඇප්' එකක්

දලයි ලාමාගෙන් අයිෆෝන් 'ඇප්' එකක්

අනුගාමිකයන්ට තම සංචාර මෙන්ම ඉගැන්වීම් හා යාවත්කාලීනවිම සඳහා ජංගම දුරකථන යෙදවුමක් (App) දලයි ලාමා හිමියන් හඳුන්වා දුන්හ.

ටිබෙට් දේශයෙන් පිටුවහල් කරනලද 82 හැවිරිදි අධ්‍යාත්මික නායකයා සතුව මිලියන 16 ඉක්මවූ ට්විටර් අනුගාමිකයෝ සිටිති.

මුදල් අයකිරීමකින් තොරව භාවිත කළහැකි මෙම නව යෙදවුම දැනට අයිෆෝන් (iPhone) මගින් පමණක් බාගත කරගැනීමට හැකිවේ. එහි ප්‍රවෘත්ති, වීඩියෝ, ඡායාරූප සහ උන්වහන්සේගේ ඉගැන්වීම් තොරතුරු ඇතුළත් වනුඇත.

2013දී රෝමානු කතෝලික සභාව 'පෝප් ඇප්' (Pope App) දියත් කර ලද අතර, එය භාවිත කරන්නන්ට පව් සමාකරගැනීමේ යෙදවුමක් තුළින් තම ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ හැකියාව ද ලබාදී තිබුණි.

තම අනුගාමිකයන්ගේ ආගමික අවශ්‍යතා ඉටුකිරීමටත්, ඔවුන් හා නිරන්තර සබඳතා පැවැත්වීමටත්, විවිධ උපකාර කිරීමටත් වෙනත් බොහෝ ආගමික යෙදවුම්ද ඊට සමගාමිව නිර්මාණ විය.

දලයි ලාමා හිමියන්ගේ මෙම නව යෙදවුම 'දලයි ලාමා' යනුවෙන් සරළව නම්කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න