Image

ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (CRPD) යටතේ ශ්‍රී ලංකාවේ සමාලෝචනය ජිනීවාහි දී!

ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (CRPD) යටතේ ශ්‍රී ලංකාවේ සමාලෝචනය ජිනීවාහි දී!

ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව (CRPD කමිටුව), 2026 අගෝස්තු 14වන දා ජිනීවාහි දී පැවැත්වෙන එහි 35වන සැසියේ දී,  ආබාධ සහිත පුද්ගලයින් ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (CRPD) යටතේ ශ්‍රී ලංකාවේ මූලික වාර්තාව සමාලෝචනය කරනු ඇත. 

ශ්‍රී ලංකා රජයේ නියෝජිත කණ්ඩායම සහ ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව අතර සමාලෝචනය අන්තර්ක්‍රියාකාරී සංවාදයක් ලෙස පැවැත්වෙනු ඇත. නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින් ජිනීවා වෙත පැමිණීමෙන් සහ කොළඹ සිට මාර්ගගත ලෙස සහභාගී වේ. සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල විසින් සමාලෝචනය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායකත්වය දරනු ඇත.

ජිනීවාහි දී සමාලෝචනයට සහභාගී වන නියෝජිත පිරිසට, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩල නිලධාරීන් සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල නිලධාරීන් ඇතුළත් වේ. 

කොළඹ සිට මාර්ගගතව සහභාගී වන නියෝජිත කණ්ඩායමට අදාළ අනෙකුත් අමාත්‍යාංශ සහ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නියෝජිතයින් ඇතුළත් වේ.

ශ්‍රී ලංකාව, 2016 දී, ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (CRPD) අපරානුමත කළ අතර, 2019 ඔක්තෝම්බර් මාසයේ දී සම්මුතිය යටතේ එහි මූලික වාර්තාව ඉදිරිපත් කළේය. 2025 දෙසැම්බර් මාසයේ දී, කමිටුව විසින් ඉදිරිපත් කළ ගැටලු ලැයිස්තුවකට ද වැඩිදුර තොරතුරු ලබාදෙමින්, ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීය. ශ්‍රී ලංකාව සම්මුතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඇගයීමට සහ ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට ගන්නා පියවර පිළිබඳව ඵලදායී සංවාදයක නිරත වීමට මෙම සමාලෝචනය ශ්‍රී ලංකා රජයට සහ කමිටුවට අවස්ථාවක් ලබා දෙනු ඇත. 

2026 අගෝස්තු 12 සිට 27 දක්වා ජිනීවාහි පැවැත්වෙන කමිටුවේ 35 වන සැසිවාරයේ දී, ශ්‍රී ලංකාව සමඟ ස්ලෝවැකියාව, කටාර්, ලිතුවේනියාව සහ චිලී යන රටවල් ද සමාලෝචනයට ලක් වේ. 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න