Image

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සහ නල මාර්ග සංවර්ධන කටයුතු බලශක්ති අමාත්‍යවරයා ගේ නිරීක්ෂණයට

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සහ නල මාර්ග සංවර්ධන කටයුතු බලශක්ති අමාත්‍යවරයා ගේ නිරීක්ෂණයට

වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතියේ සංවර්ධන කටයුතු සහ නව නළ පද්ධතියක් ස්ථාපිත කිරීමේ ප්‍රගතිය සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

anurakarunathilakai2

ලංකා ඛණිජ තෙල් සංස්ථාව, මේ වන විට තෙල් ටැංකි දෙකක් ප්‍රතිසංස්කරණය කර අවසන් කර ඇති අතර, තවත් තෙල් ටැංකි තුනක් අලුත්වැඩියා කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇත. එමෙන්ම ත්‍රිකුණාමලය වරායට පැමිණෙන විශාල නෞකා මගින් ගෙන එන ඉන්ධන සෘජුවම තෙල් ටැංකි වෙත ප්‍රවාහනය කිරීම සඳහා නව නළ පද්ධතියක් ස්ථාපිත කිරීමේ මූලික කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇත.

trincooiltanki

මෙම නළ පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ආයතනික එකඟතා ලබා ගැනීමේ අරමුණින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර, ඊට සහභාගි වූ සියලු පාර්ශ්ව ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා සිය එකඟතාව සහ සහායෝගය පළ කළහ.

තෙල් ටැංකි 99කින් සමන්විත ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගබඩා සංකීර්ණයේ තෙල් ටැංකි 61ක් Trincomalee Petroleum Terminal Ltd නැමැති ලාංකීය හා ඉන්දියානු ඒකාබද්ධ සමාගම සතුවන අතර, ටැංකි 24 ලංකා ඛණිජ තෙල් සංස්ථාවටද තෙල් ටැංකි 14ක් ඉන්දියානු ඔයිල් සමාගම සතු ය. මෙම තෙල් ටැංකි සංකීර්ණය සහ නළ පද්ධති තුළින් ගබඩා ධාරිතාව ඉහළ නැංවීම, රටේ බලශක්ති සුරක්ෂිතාව තහවුරු කිරීම හා ත්‍රිකුණාමලය කලාපීය ඉන්ධන ගබඩා සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම යන ප්‍රධාන අරමුණු ඉටුකරගැනීමට අපේක්ෂිත ය.

anurakarunathilakai75

ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කේ. රාඝු ඇතුළු නියෝජිතයන් ද අමාත්‍යවරයා හමු වී සාකච්ඡා කළ අතර, එහි දී තෙල් ටැංකි පද්ධතියේ ඉදිරි සංවර්ධන සැලසුම්, ඉන්ධන ගබඩා කිරීමේ ධාරිතාව වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකාව කලාපීය බලශක්ති සහ ඉන්ධන බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා දෙපාර්ශ්වීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.

මෙම නිරීක්ෂණ චාරිකාවට ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ප්‍රීමා සමාගම, දුම්රිය දෙපාර්තමේන්තුව, පරිසර අංශය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් මෙන්ම ඉන්දියන් ඔයිල් සමාගමේ නියෝජිතයෝ ද එක්ව සිටියහ.

ශාන් මොහොමඩ් - බලශක්ති අමාත්‍යවරයා ගේ මාධ්‍ය ලේකම්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න