නව යුද හමුදාපතිවරයා ලෙස යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නිර්දේශ මත එම පත් කිරීම සිදුකර තිබේ.
මෙම පත්කිරීමත් සමඟ ඔහු ලුතිනන් ජෙනරාල් ධුරය දක්වා උසස් කෙරෙනු ඇති අතර, ඔහු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සාමාජිකයෙකි.
පාඨමාලා අංක 34 යටතේ යුද හමුදාවට බැඳී ඇති නිලන්ත ප්‍රේමරත්න යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක වශයෙන්ද කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වැනි හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ගේ ධුර කාලය අවසන් වීමත් සමඟ මෙම නව පත් කිරීම සිදුකර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
