Image

බලශක්ති අමාත්‍යාංශයේ 2027 අයවැය පූර්ව සාකච්ඡා ජනපති ප්‍රධානත්වයෙන්

බලශක්ති අමාත්‍යාංශයේ 2027 අයවැය පූර්ව සාකච්ඡා ජනපති ප්‍රධානත්වයෙන්

බලශක්ති අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

බලශක්ති අමාත්‍යාංශය විසින් 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය, මේ වසරේ අවසන් කළ හැකි ව්‍යාපෘති සහ ඉදිරි වසරේ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලී ය.

 

අතරමග නවතා දමා ඇති බලශක්ති ව්‍යාපෘති යළි ආරම්භ කරයි

ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් යන දූපත්වල ක්‍රියාත්මක වෙමින් පවතින දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති (Hybrid Renewable Energy System - HRES) ව්‍යාපෘතියේ ප්‍රගතිය මෙහි දී විමසා බැලූ ජනාධිපතිවරයා එම දූපත් හරිත බලශක්ති දූපත් ලෙස සංවර්ධනය සහ ප්‍රවර්ධනය කිරීමට අවධානය යොමු කරන ලෙස නිලධාරීන්ට උපදෙස්  දුන්නේ ය.  

එමෙන්ම, ජයිකා ආධාර යටතේ ආරම්භ කර, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අතරමග නවතා දමන ලද, බලශක්ති ව්‍යාපෘති යළි ආරම්භ කිරීම පිළිබඳව ද මෙහි දී අවධානය යොමු කෙරුණු අතර ඒ වෙනුවෙන් වූ 2027 අයවැය ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

 Budget Meeting Ministry of Energy 6

 

ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාත්මක ප්‍රධාන ව්‍යාපෘති පිළිබඳව ද අවධානය

දැනට ක්‍රියාත්මක වන කෙරවලපිටිය සිට කොළඹ වරාය දක්වා දෙවන භූගත විදුලි සම්ප්‍රේෂණ මාර්ගය (220 kV), සාම්පුර් - කප්පල්තුරෙයි විදුලි සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘතිය,  නව හබරණ - කප්පල්තුරෙයි විදුලි සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘතිය - CEATP, පාදුක්ක 220kV ජාල උපපොළ (GSS) STATCOM ස්ථාපනය කිරීම, වහල මත සවි කරන සූර්ය බලශක්ති එකතු කිරීමේ සහ අතථ්‍ය ශුද්ධ මිනුම් ව්‍යාපෘතිය (Virtual Net Metering Project)  ඇතුළු දැනට ක්‍රියාත්මක සහ ඉදිරියේදී  ආරම්භ කිරීමට නියමිත ප්‍රධාන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් ජනාධිපතිවරයා මෙහි දී විමසා බැලී ය.

ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ දැනට ක්‍රියාත්මක ප්‍රධාන ව්‍යාපෘති වන කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය තුළ අලුතින් ටැංකි 06ක් ඉදිකිරීම,  මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණයේ නව ටැංකි 02ක් ඉදිකිරීම සහ ඉන්ධන පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ ටැංකි ප්‍රතිෂ්ඨාපනය කිරීම, කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ 07වන කලාපයේ පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු ව්‍යාපෘති 14ක ප්‍රගතිය සහ ඉදිරි ප්‍රතිපාදන අවශ්‍යතා විමසා බැලූ ජනාධිපතිවරයා මෙම සියලු ව්‍යාපෘති නිසි කාලය තුළ අවසන් කර  ජනතාවට ප්‍රතිලාභ සලසා දීමේ වැදගත්කම වැඩිදුරටත් අවධාරණය කළේය.

ජනාධිපති මාධ්‍ය අංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න